ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/07 1 පි.
  • දිගටම ‘බොහෝ පල දරන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම ‘බොහෝ පල දරන්න’
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ‘බොහෝ පල දරමින් සිටින්න’
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පල දරන අතු සහ යේසුස්ගේ මිතුරන් වීම
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ‘මේ මිදි වැල බලාගන්න’
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2007 අපගේ රාජ්‍ය සේවාව
km 6/07 1 පි.

දිගටම ‘බොහෝ පල දරන්න’

1 යේසුස් තමාව මිදිවැලකටද, තම පියාව එහි වැවිලිකරු ලෙසටද, තම අභිෂේක ලත් අනුගාමිකයන්ව එහි පල දරන අතුවලටද සමාන කළා. ඉන්පසු අතු මිදිවැලෙන් නොකැඩී යන ලෙස එයට තදින් බැඳී තිබීමේ වැදගත්කම ගැනත් යේසුස් අවධාරණය කළා. (යොහ. 15:1-4) මෙයින් යේසුස් ඉගැන්නුවේ යෙහෝවා දෙවි සමඟ කිට්ටු සබඳතාවක් තබාගන්න සෑම කෙනෙක්ම, යේසුස්ට සමාන කර තිබෙන ‘සැබෑ මිදිවැලේ’ පල දරන අත්තක් විය යුතු බවයි. අපි “ආත්මයේ පල” මෙන්ම රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමෙන් පල දැරිය යුතුයි.—ගලා. 5:22, 23; මතෙ. 24:14; 28:19, 20.

2 ආත්මයේ පල: අපි සත්‍යය තුළ කොතරම් ප්‍රගතියක් ලබනවාද කියා තීරණය වන්නේ ආත්මයේ පල හෙවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසා අප වර්ධනය කරගන්න ගුණාංග අනුවයි. නිතිපතා දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් හා මෙනෙහි කිරීමෙන් ඔබ මෙම ගුණාංග වර්ධනය කරගන්නවාද? (ෆිලි. 1:9-11) දෙවිව මහිමයට පත් කරන ගුණාංග වර්ධනය කරගන්නත්, සත්‍යය තුළ ප්‍රගතියක් ලබන්නත් දෙවිගේ බලය අපට අවශ්‍යයි. එමනිසා එය ඉල්ලා යාච්ඤා කිරීමට මැළි වෙන්න එපා.—ලූක් 11:13; යොහ. 13:35.

3 මෙම ගුණාංග වර්ධනය කරගැනීමෙන් දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙමින් බොහෝ පල දරන්නන් විය හැකියි. උදාහරණයකට අපි මොන තරම් කාර්යබහුල වුණත් ප්‍රේමය හා ඇදහිල්ල අපිට තිබෙනවා නම්, නිතිපතා දේවසේවයේ යෙදෙන්න අපි පෙලඹෙනවා. සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, මෘදුකම හා ආත්ම දමනය වැනි ගුණාංග අපට විරුද්ධ වන අයට සාර්ථකව මුහුණ දෙන්න උපකාරයක් වෙනවා. දේවසේවයේ යෙදෙද්දී මිනිසුන් තුළ උදාසීනබවක් දකින්න තිබුණත් අප සේවය කිරීමෙන් සෑහීමට පත් වන්නේ අප තුළ ප්‍රීතිය තිබෙනවා නම් පමණයි.

4 දේශනා කරමින් දරන පල: “[යෙහෝවා දෙවිගේ] නම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව” ඔප්පු කිරීමට නම් උද්‍යෝගයෙන් හා බලපෑමෙන් යුතුව දේශනා සේවයේ හවුල් විය යුතුයි. (හෙබ්‍රෙ. 13:15) දැනට කරන සේවය වැඩි කරගැනීමෙන් තව තවත් පල දරන්න ඔබට හැකිද?

5 යේසුස් පෙන්නුම් කළේ ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් විවිධ ප්‍රමාණවලින් පල දරනු ඇති බවයි. (මතෙ. 13:23) මේ නිසා අපි අන් අය සමඟ අපව සසඳන්නේ නැතුව අපේ උපරිමය යෙහෝවා දෙවිට දිය යුතුයි. (ගලා. 6:4) දෙවිගේ වචනය පදනම් කරගෙන අපේ පෞද්ගලික තත්වයන් ගැන අවංක සෝදිසියක් කරගැනීමෙන් අපි හැම කෙනාටම “බොහෝ පල දරමින්” යෙහෝවා දෙවිව දිගටම මහිමවත් කළ හැකියි.—යොහ. 15:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න