ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/07 1 පි.
  • දිලිඳුන්ට ශුභාරංචිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිලිඳුන්ට ශුභාරංචිය
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ළඟදීම, කිසිවෙකු දුප්පත් නොවනු ඇත
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් මෙන් දුප්පතුන් කෙරෙහි සැලකිලිමත් වෙන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිළිඳුකමේ නිමාව ළඟා වෙයි
    1998 පිබිදෙව්!
  • දුප්පතුන්ට කොතරම් කාලයක් බලා සිටින්ට සිදුවේවිද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2007 අපගේ රාජ්‍ය සේවාව
km 10/07 1 පි.

දිලිඳුන්ට ශුභාරංචිය

1 යේසුස් දිලිඳුන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූවා. ඔහු ඇතැම් අවස්ථාවලදී දිලිඳුන්ට ආශ්චර්යයවත් ලෙස ආහාර ලබා දුන් අතර අසනීපවලින් පෙළුණු එවැනි අයව සුව කළා. එහෙත් ඔහු මූලික අවධානය දුන්නේ දිලිඳුන්ට “ශුභාරංචිය” ප්‍රකාශ කරන්නයි. (මතෙ. 11:5) එදා මෙන් අදත් අපගේ දේවසේවය මගින් දිලිඳුන් මෙන්ම වෙනත් අයද ප්‍රයෝජන ලබනවා.—මතෙ. 24:14; 28:19, 20.

2 සැබෑ බලාපොරොත්තුවක්: පල්ලියට ආධාර උපකාර කරනවා නම් වැඩි වැඩියෙන් ලැබෙනවා කියා ඇතැම් ක්‍රිස්තියානි ආගම්වල පූජකයන් දිලිඳුන්ට පවසනවා. කෙසේවෙතත් බයිබලයේ පවසන්නේ දිලිඳුකම ඇතුළුව මිනිසුන්ගේ සියලුම ගැටලු විසඳන්නේ දේවරාජ්‍යය මගින් කියායි. (ගීතා. 9:18; 145:16; යෙසා. 65:21-23) දිලිඳු අයට බයිබලයේ සඳහන් සත්‍යයන් තේරුම් කර දීමෙන් ඔවුන්ගේ ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක් ලබා දිය හැකි අතර දෙවිව දැනහඳුනාගෙන ඔහුට නමස්කාර කිරීමටද උපකාර කළ හැකියි.—මතෙ. 5:3.

3 යේසුස්ගේ කාලයේ විසූ පරිසිවරුන් දිලිඳුන්ව පහත් කොට සැලකුවා. ඔවුන්ව ඇමතීමට පරිසිවරුන් යොදාගත්තේ ‘අම්හාරෙට්ස්’ හෙවත් “භූමියේ වැසියන්” යන අපහාසාත්මක යෙදුමයි. ඊට හාත්පසින් වෙනස්ව යේසුස් “ඔවුන්ගේ ලේ” හෙවත් ජීවිත සැලකුවේ “අනර්ඝ” ලෙසයි. (ගීතා. 72:13, 14) යේසුස් මෙන් දිලිඳු අය කෙරෙහි ‘කරුණාව’ මෙන්ම දයානුකම්පාව පෙන්වන්න අපටත් පුළුවන්. (හිතෝ. 14:31) අපේ ප්‍රදේශයේ සිටින දිලිඳු අයව පහත් කරමින් කිසිවිටකත් කතා නොකළ යුතුයි. එමෙන්ම ඔවුන්ට ශුභාරංචිය ගැන පැවසීමටද අදිමදි නොකළ යුතුයි. ඇත්තෙන්ම, ශුභාරංචිය පිළිගන්නා බොහෝදෙනා දිලිඳු අය බව අමතක නොකරමු.

4 කල් දමන්න එපා: අප ප්‍රදේශයේ සිටින දිලිඳු අයට බයිබල් ප්‍රතිපත්ති ගැන ඉගැන්වීමෙන් යම් ප්‍රමාණයකට හෝ දිලිඳුකමින් ගොඩ ඒමට දැන් පවා උපකාර කරන්න අපිට හැකියි. උදාහරණයක් හැටියට, දිලිඳුකමට හේතුවන බේබදුකම, සූදුව, අලසකම හා දුම්කොළ භාවිතය වැනි පුරුදු බයිබලයේ හෙළාදැක තිබෙනවා. (හිතෝ. 6:10, 11; 23:21; 2 කොරි. 7:1; එෆී. 5:5) රැකියාවක් කරන අයගෙන් අපේක්ෂා කරන අවංකකම හා “මුළු හදවතින්ම” වැඩ කිරීම වැනි ගුණාංග වර්ධනය කරගැනීමට බයිබලය අපව උනන්දු කරනවා. (කොලො. 3:22, 23; හෙබ්‍රෙ. 13:18) ඇත්තෙන්ම, ස්වාමිවරුන් රැකියා අපේක්ෂකයන්ගෙන් වැඩියෙන්ම බලාපොරොත්තු වන්නේ අවංකකම හා විශ්වාසවන්තකම බව එක් සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

5 දිලිඳු අයගේ දුක යෙහෝවා දෙවිට හොඳින්ම දැනෙනවා. “උපකාරය පතා හඬනඟන දුප්පතාව” යේසුස් ගලවාගන්න කාලය වැඩි ඈතක නොවෙයි. (ගීතා. 72:12, නව ලොව පරිවර්තනය) ඒ කාලය පැමිණෙන තෙක් දිලිඳු අයද ඇතුළුව සෑම කෙනෙක් සමඟම බයිබලයේ සඳහන් අනාගත බලාපොරොත්තුව බෙදාගැනීමේ වරප්‍රසාදය අපට තිබෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න