සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ මාර්. 1
“දුක් වේදනා, අසනීප හා මරණය ගැන අපිට හැම දවසකම අහන්න ලැබෙනවා. මේ හැම දෙයකින්ම අපිට ගැලවීමක් ලැබෙන කාලයක් උදා වෙයිද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බොහෝදෙනෙකුට මේ බයිබල් පදයෙන් බලාපොරොත්තුවක් ලැබිලා තියෙනවා. [යොහන් 3:16 කියවන්න.] ‘යේසුස් දිවි පිදුවේ කවුරුන් වෙනුවෙන්ද’ යන මේ සඟරාව ඔබට දෙන්න කැමතියි.”
පිබිදෙව්! මාර්.
“මිථ්‍යා විශ්වාස ගැන ඔබ මොකක්ද හිතන්නේ? ඒවායේ අනතුරක් තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බලන්න බයිබලයේ මේ ගැන කියන්නේ මොකක්ද කියලා. [යෙසායා 65:11 කියවන්න.] මිථ්‍යා විශ්වාස බයිබලයේ ඉගැන්වීම්වලට එකඟද නැද්ද කියලා මේ ලිපියේ විස්තර කරනවා.” දහවන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ අප්‍රි. 1
“මේ අනාවැකිය ඉටු වෙනවා දකින්න ඔබ කැමතිද? [යෙසායා 2:4 කියවා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] දෙවි ‘කාරණා නිවැරදි කිරීමට’ පියවර ගන්නවා කියලා මේ අනාවැකියේ කියනවා. සියලුම යුද්ධ නැති කර දමන්න දෙවි යුද්ධයක් ගෙනෙන්න යනවා. මේ යුද්ධයේදී සිදු වෙන්නේ මොනවාද, ඒ යුද්ධය සිදු වෙන කාලය පැමිණෙන තුරු අපි ආශාවෙන් බලා සිටින්න ඕනෙ ඇයි කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! අප්‍රි.
“අද අපි ජීවත් වෙන්නේ බයිබලයේ විස්තර කරන මේ කාල පරිච්ඡේදයේ කියලා ඔබ හිතනවාද? [2 තිමෝති 3:1-4 කියවා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි ජීවත් වෙන්නේ අන්තිම දවස්වලයි. මෙයින් පෙනී යන්නේ හොඳ කාලයක් ලෝකයට උදා වීමට ආසන්න බවයි. ඒ හින්දා අපි මේ ගැන ටිකක් සොයා බලන එක හොඳයි. ඒ ගැන මේ සඟරාවේ විස්තර කරනවා.”