අත් නෑර දේශනා කරමු
1 අපේ ප්‍රදේශයේ අපි කොතරම් සේවය කළත් ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ ටිකදෙනෙක් විතරයි කියා අපට හිතෙන්න පුළුවන්. නමුත් අත් නෑර දිගටම දේශනා කිරීම සඳහා අපට ප්‍රබල හේතු තිබෙනවා.—මතෙ. 28:19, 20.
2 සාක්ෂියක් පිණිස: යේසුස් පැවසූ ආකාරයට ශුභාරංචිය දේශනා කිරීම මෙම දුෂ්ට “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” හඳුනාගන්නා ලකුණේ එක් වැදගත් අංගයක් වන අතර එමගින් ‘සියලු ජාතීන්ට සාක්ෂියක්ද’ සපයනවා. (මතෙ. 24:3, 14) එම හේතු වටහාගැනීම වැදගත්. අප දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කරනවා දැකීමම මිනිසුන්ට ප්‍රබල සාක්ෂියක්. මිනිසුන් සවන් දුන්නේ නැති වුණත් අපගේ පැමිණීම ගැන ඔවුන් දින ගණන් පවා කතා කිරීමට ඉඩ තිබෙනවා. කලින් සඳහන් කළ හේතු වටහාගෙන තිබීම අත් නෑර දේශනා කිරීමට අපට උපකාරවත් වෙනවා. එමෙන්ම අප සාක්ෂි දැරීමෙන් හා විනාශය ගැන අනතුරු ඇඟවීමෙන් බයිබලයේ සඳහන් අනාවැකියක ඉටුවීමට දායක වන නිසා දෙවි සතුටු වෙනවා.—2 තෙස. 1:6-9.
3 අත් නොහරින්න: අද සිටින මිනිසුන් ගත කරන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක් නිසා බයිබලයේ සඳහන් පණිවිඩයට සවන් දීමට ඔවුන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒ නිසා ශුභාරංචිය කෙරෙහි ඔවුන් තුළ උනන්දුවක් ඇති කිරීමට නම් නොනවත්වා වෑයම් කිරීම අත්‍යවශ්‍යයි. එක් කාන්තාවක් බයිබල් පාඩමකට කැමැත්ත පළ කළේ ඇයව අවුරුද්දක් පුරා හමුවීමට ගිය පසුයි. ඉන්පසු ඇය රැස්වීම් පැමිණීමට පටන්ගත් අතර ඉක්මනින්ම බව්තීස්ම වීමටත් ඇගේ ආශාව පළ කළා.
4 අප ජීවත් වෙන්නේ වේගයෙන් වෙනස් වන ලෝකයක නිසා මිනිසුන්ද වෙනස් වෙනවා. එමනිසා කලින් ශුභාරංචියට සවන් නුදුන් අය දැන් එයට සවන් දීමට කැමැත්තක් දැක්විය හැකියි. එක්කෙනෙක් හෝ ශුභාරංචියට හොඳ ප්‍රතිචාරයක් දක්වනවා නම් එය අප අත් නොහැර කළ සේවයට ලැබූ ප්‍රතිඵලයක්!
5 ලොවපුරා සිදු වන “සියලු පිළිකුල් දේ නිසා සුසුම්ලන” මිනිසුන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙනවා. (එස. 9:4) දේශනා කිරීමෙන් අත් වන ප්‍රතිඵල දෙස බලන විට අපට පෙනී යන්නේ ශුභාරංචියට ප්‍රතිචාරයක් දක්වන අය තවත් සිටින බවයි. (යෙසා. 2:2, 3) එමනිසා අපි අධෛර්යය නොවී අත් නෑර ‘යහපත ගැන ශුභාරංචි ගෙන’ යමු.—යෙසා. 52:7; ක්‍රියා 5:42.