විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන
දෙදහස් නවය සේවා වසරේ පවත්වනු ලබන විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේ තේමාව වන්නේ “ඔබ භාරගත් සේවය සම්පූර්ණ කිරීමට වගබලා ගන්න” යන්නයි. එය පදනම් වන්නේ කොලොස්සි 4:17 මතයි. එම උපදෙස අපත් බැරෑරුම් ලෙස සිතට ගැනීම අවශ්‍යයි. අපේ ආශාව වන්නේ යේසුස් කළ ලෙස අපේ දේවසේවය සම්පූර්ණ කිරීමට හැකි සෑම වෑයමක්ම දැරීමයි. (යොහ. 17:4) මේ සම්බන්ධයෙන් පාවුල්ද අපිට කදිම ආදර්ශයක් තැබුවා. ඔහුගේ අධිෂ්ඨානය වුණේ දේවසේවය සම්පූර්ණයෙන් ඉටු කිරීමයි.—ක්‍රියා 20:24.
ඇතැම් ප්‍රචාරකයන් දේවසේවයේදී විවිධ අභියෝග ජය ගෙන තිබෙන ආකාරය ගැන චාරිකා අවේක්ෂක ඔහුගේ මුල්ම කතාවේදී පෙන්වා දෙයි. ඉන්පසු ඉදිරිපත් කිරීමට නියමිත “ඔබ පැල කළ දෙයට වතුර දමන්න” නමැති තේමාවෙන් යුත් කතාවේදී ‘සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් තිබෙන’ අයට උපකාර කිරීමට අපට හැකි ආකාරය පෙන්වා දෙයි. (ක්‍රියා 13:48) “දෙවිගේ සේවකයන් බව ඔප්පු කරන අයුරු” නමැති තේමාව යටතේ ආගන්තුක කථිකයා 2 කොරින්ති 6:1-10 දක්වා පදයෙන් පදය සාකච්ඡා කරයි. ඉන්පසු ඔහු පස්වරු සැසිවාරයේදී “ඔබට පවරා ඇති සේවය ඉතා උසස් කොට සලකන්න” නමැති තේමාව යටතේ සබය අමතයි. “තරුණයන් මෙන්ම මහලු අයද දේවසේවයෙන් ප්‍රීතියක් ලබයි” සහ “දේවසේවය සම්පූර්ණයෙන් ඉටු කරන යෞවනයෝ” නමැති තේමාවලින් යුත් කතාවලින් ඔබ මහත් දිරිගැන්වීමක් ලබනවා නිසැකයි. මෙම විශේෂ එක්රැස්වීම් දිනයේදී හෝ චාරිකා එක්රැස්වීමේදී තම කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුදෙනාම හැකි විගස මුලසුන භාර අවේක්ෂකට ඒ බව දැනුම් දෙන්න. එක්රැස්වීම්වල මෙන්ම සමුළුවලද විශේෂ අංගයක් වන්නේ මුරටැඹ පාඩම සලකා බැලීමයි. මෙම විශේෂ එක්රැස්වීම් දිනය පවත්වනු ලබන සතියට නියමිත පාඩම් කලාපය රැගෙන එන්න.
දෙවි අපට බාර දී තිබෙන දේවසේවය සම්පූර්ණයෙන් ඉටු කිරීම ගැන අප නිතරම සිතේ තබාගෙන සිටින විට සේවය සඳහා වෙන් කරන කාලය සොරාගන්න අප කිසිවකට ඉඩ තබන්නේ නැහැ. අපේ සේවයට නිරතුරුව හොඳ අවධානයක් දීමටත් එය සම්පූර්ණයෙන් ඉටු කිරීමට අපට කළ හැකි දේවල් ගැන හොඳින් කල්පනා කර බැලීමටත් මෙම විශේෂ එක්රැස්වීමෙන් මහත් දිරිගැන්වීමක් ලැබෙනවාට සැකයක් නැහැ.