ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/08 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න පෙට්ටිය
    2003 අපගේ රාජ්‍ය සේවාව
  • පවුල රැකීමේ වගකීම ඉසිලීම
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේ දරුවන්ව ප්‍රේමණීය ලෙස පුහුණු කරන්න
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුලක් විදිහට සතුටින් ඉන්නේ කොහොමද? - 2වෙනි කොටස
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2008 අපගේ රාජ්‍ය සේවාව
km 9/08 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ නිතිපතා කරන පවුලේ පාඩමේදී මව සහ පියා යන දෙදෙනාටම කාලය වාර්තා කළ හැකිද?

‘යෙහෝවා දෙවිගේ හික්මවීමෙන්ද, ඔහු සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද’ දරුවන්ව ඇති දැඩි කිරීමේ මූලික වගකීම පියෙකු සතු වුවද මවද ඊට හවුල් වෙනවා. (එෆී. 6:4) “මාගේ පුත්‍රය, ඔබේ පියාගේ මඟ පෙන්වීම් පිළිගන්න. ඔබේ මවගේ උපදෙස්වලට පිටු නොපාන්න” කියා දරුවන්ට බයිබලයේ පවසා තිබීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. (හිතෝ. 1:8, NW) දෙමාපියන් දරුවන්ව පුහුණු කිරීමට යොදාගන්නා ප්‍රධාන ක්‍රමයක් නම් ඔවුන් සමඟ බයිබලය පාඩම් කිරීමයි.

බව්තීස්ම නොවූ දරුවෙක් සමඟ කරන පාඩමට දෙමව්පියන් දෙදෙනාම හවුල් වුණත් ඒ සඳහා වැය කරන කාලය මේ වන තෙක් වාර්තා කළේ එය පවත්වන පියා හෝ මව පමණයි. කෙසේවෙතත් මෙය දැන් වෙනස් කර තිබෙනවා. දරුවාට බයිබලය පාඩම් කිරීමට දෙමව්පියන් දෙදෙනාම හවුල් වෙනවා නම් සතියකට උපරිම කාලය පැයක් ලෙස දෙදෙනාටම වාර්තා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෙමාපියන් දරුවන්ට ඉගැන්වීම සඳහා සතියකට පැයකට වඩා වැඩි කාලයක් ගත කරනවා. දරුවන්ව පුහුණු කිරීමට ඔවුන් දෙදෙනා දිගටම මහත් ප්‍රයත්නයක් දැරිය යුතුයි. (ද්වි. 6:6-9) කෙසේවෙතත් ඔබේ මාසික සේවා වාර්තාවේ වැඩියෙන්ම දකින්න තිබිය යුත්තේ ඔබ ක්ෂේත්‍රයේදී ගත කළ කාලයයි. ඒ නිසා දරුවන් සමඟ පැයකට වඩා වැඩි කාලයක් බයිබල් පාඩම පැවැත්වුවත් සතියකට කිහිප වතාවක් එසේ කළත් දරුවන් කිහිපදෙනෙකුට වෙන වෙනම පාඩම කළත් වාර්තා කළ යුත්තේ සතියකට පැයක් පමණයි. මෙම බයිබල් පාඩම එක පාඩමක් ලෙසද සෑම සතියකම එක නැවත බැලීමක් ලෙසද වාර්තා කළ හැකි වන්නේ දෙමාපියන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට පමණයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න