ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/08 1 පි.
  • වටිනා සත්‍යයන් බෙදාගනිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වටිනා සත්‍යයන් බෙදාගනිමු
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • යේසුස් “තුළ සුරක්ෂිතව සඟවා” ඇති වස්තු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගෙන් ලැබිලා තියෙන දේවල් වස්තුවක් වගේ රැකගන්න
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවියන්ගෙන් ලැබිලා තියෙන නොපෙනෙන තෑගි අගය කරන්න
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දීමෙන් ලැබෙන සතුට භුක්ති විඳින්න!
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2008 අපගේ රාජ්‍ය සේවාව
km 11/08 1 පි.

වටිනා සත්‍යයන් බෙදාගනිමු

1 දේවවචනයේ සඳහන් වටිනා ඉගැන්වීම් වස්තු ගබඩාවකට සමාන කරන්න පුළුවන්. (ගීතා. 12:6; 119:11, 14) යේසුස් එක් අවස්ථාවකදී උපමා යොදාගනිමින් දේවරාජ්‍යය හා සම්බන්ධ කාරණා පැහැදිලි කළා. ඉන්පසු ඔහු ගෝලයන්ගෙන් මෙසේ ඇසුවා. “ඔබට මේ සියල්ලේ හරය වැටහුණාද?” ඔවුන් එසේය කියා ඊට පිළිතුරු දුන් පසු යේසුස් මෙසේ පැවසුවා. “එසේනම්, ස්වර්ග රාජ්‍යය ගැන ඉගෙනගත් පසු ප්‍රසිද්ධියේ උගන්වන සියලුදෙනාම, තම වස්තු ගබඩාවේ ඇති අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන ගෙහිමියෙකුට සමානය.”—මතෙ. 13:1-52.

2 අපි බයිබලය පාඩම් කළ මුල් කාලයේදී ඉගෙනගත් සත්‍යයන් පරණ වස්තුවලට සමාන කරන්න පුළුවන්. පසුව අපි ක්‍රමානුකූලව බයිබලයේ ගැඹුරු කාරණා පෞද්ගලිකව අධ්‍යයනය කරද්දී කලින් දැන නොගත් තවත් සත්‍යයන් සොයාගත්තා. මේවා අලුත් වස්තුවලට සමාන කරන්න පුළුවන්. (1 කොරි. 2:7) එමෙන්ම “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් තවත් අලුත් තොරතුරුත් අපි ඉගෙනගන්නවා.—මතෙ. 24:45.

3 අපි කලින් දැන සිටි කාරණා මෙන්ම අලුතින් ඉගෙනගන්න කාරණාද අප බොහෝ සේ අගය කරනවා. එමනිසා දෙවිගේ වචනය උගන්වන අය හැටියට අපේ හැකියාවන් දියුණු කරගැනීමටත් අද්දැකීම් ලැබීමටත් ඉගෙනගත් සත්‍යයන් අන් අය සමඟ බෙදාගැනීමටත් අප පෙලඹෙනවා.

4 යේසුස්ගේ ආදර්ශයෙන් ඉගෙනගනිමු: දෙවි පිළිබඳ වටිනා සත්‍යයන් අන් අය සමඟ බෙදාගැනීමට යේසුස් ඔහුට හැකි සෑම දෙයක්ම කළා. ඔහු වෙහෙසට පත් වී සිටි අවස්ථාවලදී පවා මිනිසුන්ට සත්‍යය ඉගැන්වූවා. එය හරියට ඔහු සතු ‘ගබඩාවෙන්’ වස්තුව පිටතට ගැනීමට සමාන කළ හැකියි. (යොහ. 4:6-14) මින් පැහැදිලි වන්නේ යේසුස් එම සත්‍යයන් මොන තරම් අගය කළාද යන්නයි.

5 දෙවි පිළිබඳ නිවැරදි දැනුමක් ලබා නොසිටි අය කෙරෙහි මහත් ප්‍රේමයක් දැක්වූ යේසුස්, සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යයන් ඔවුන් සමඟ බෙදාගත්තා. (ගීතා. 72:13) දෙවි ගැන ඉගෙනගැනීමට මහත් ආශාවෙන් සිටි අය කෙරෙහි ඇති වූ අනුකම්පාව හේතුවෙන් යේසුස් ‘ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තා.’—මාක් 6:34.

6 යේසුස්ව අනුකරණය කරමු: අප ඉගෙනගෙන තිබෙන සත්‍යයන් වටිනා වස්තුවක් ලෙස සලකනවා නම් යේසුස් මෙන් අපත් ඉමහත් ආශාවකින් බයිබලයේ සඳහන් වටිනා සත්‍යයන් ජනයාට පහදා දෙනවා. (හිතෝ. 2:1-5) සමහර අවස්ථාවලදී අපට වෙහෙසක් දැනුණත් අප අන් අය සමඟ බයිබලයේ සඳහන් සත්‍යයන් බෙදාගන්නේ මහත් උද්‍යෝගයකිනුයි. (මාක් 6:34) අප ඉගෙනගෙන තිබෙන වටිනා සත්‍යයන් අපි බොහෝ සේ අගය කරන නිසා අපට හමු වන සෑම කෙනෙකුටම සාක්ෂි දැරීමට අපේ උපරිමය කරමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න