ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/09 2 පි.
  • සභා බයිබල් පාඩම ගැනයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සභා බයිබල් පාඩම ගැනයි
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • පාලක මණ්ඩලයෙන් ලියුමක්
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • පාලක මණ්ඩලයෙන් ලියුමක්
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ‘දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන දේ’
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • දෙවියන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
2009 අපගේ රාජ්‍ය සේවාව
km 1/09 2 පි.

සභා බයිබල් පාඩම ගැනයි

1. සභා බයිබල් පාඩමේ කර තිබෙන වෙනස්කම් මොනවාද? මගේ බයිබල් කතන්දර පොතෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

1 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන රැස්වීම් සඳහා නව සැලැස්ම යටතේ සභා බයිබල් පාඩමට වෙන් කර ඇත්තේ විනාඩි 25ක් පමණයි. සාකච්ඡා කරන තොරතුරු අදාළ වන ආකාරය ගැන සලකා බැලීමට වැඩි කාලයක් වැය කිරීමට හැකි වන පරිදි පාඩම් කරන කතන්දර සංඛ්‍යාව අඩු කර තිබෙනවා. අලුත් කොටසක් පටන්ගන්නා විට එහි හැඳින්වීමේ ඇති තොරතුරුද සාකච්ඡා කරන කතන්දරයට ඇතුළත් කළ හැකියි. අපේ ජීවිතයේ සෑම පැත්තකටම අදාළ කරගත හැකි වටිනා පාඩම් රැසක් මෙම කතන්දරවල අඩංගු බව දකින විට සභා බයිබල් පාඩම කෙරෙහි තිබෙන අපේ අගය තව තවත් වැඩි වෙනවා.

2. මෙම පොත ප්‍රයෝජනවත් වන්නේ ජීවිතයේ කුමන පැතිවලටද?

2 අපගේ ඇසුර, පුරුදු හා කතාබහ මෙන්ම විනෝදය සඳහා කරන දේවල්, අධිකාරිය හොබවන අයට අප දක්වන ගෞරවය, විවාහය, සිරිත් විරිත් යනාදී ජීවිතයේ විවිධ පැතිවලට බයිබල් ප්‍රතිපත්ති අදාළ වන්නේ කෙසේද? බයිබලයේ සඳහන් ධර්මිෂ්ඨ ප්‍රමිති අදාළ කරගන්නා විට අපේ හෘදය සාක්ෂිය ඒ අනුව හැඩගැසෙනවා. (ගීතා. 19:7, 8) යෙහෝවා දෙවි සිතන ආකාරය ගැන අප වැඩියෙන් සිතන තරමටම ඔහුව සතුටු කිරීමට ආශාවක් අප තුළ ඇති වෙයි. එවිට ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිට කීකරු වීමට එය අපව පොලඹවයි.—හිතෝ. 27:11; 1 යොහ. 5:3.

3. අප සෑම සතියකම සහභාගි වීමට උපරිම උත්සාහයක් දැරිය යුත්තේ ඇයි?

3 සහභාගි වීමට අදිටන් කරගන්න: ඔබ සූදානම් වන විට සෙසු නමස්කාරකයන් සමඟ දෙවිට ප්‍රශංසා කිරීමට අදිටන් කරගන්න. (හෙබ්‍රෙ. 13:15) ඉදිරියේදී කණ්ඩායම් වශයෙන් නොව සභාවක් වශයෙන් මෙම පොත සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන්නේ තොරතුරු ස්වල්පයක් නිසා හොඳින් සූදානම් වීමටත් ඉගෙනගත් දේවල් බෙදාගැනීමටත් අප සියලුදෙනාටම අවස්ථාව සැලසෙයි. හොඳින් සූදානම් වී ඉදිරිපත් කරන කෙටි පිළිතුරු අන් අයව ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට පොලඹවන අතර අර්ථවත් හා උද්‍යෝගිමත් සාකච්ඡාවක් කිරීමටද දායක වෙනවා. (හෙබ්‍රෙ. 10:24) අප එකිනෙකා එසේ අපගේ ඇදහිල්ල ප්‍රකාශ කරන විට ඉන් අත් වන ප්‍රීතියද කියා නිම කළ නොහැකියි.

4. අප දෙවිගේ ආඥා පැවැත්වීම ඉතා වැදගත් ඇයි?

4 දෙවිගේ ප්‍රේමය සැමදා ලබන්න නම් ඔහුගේ ආඥා පැවැත්විය යුතු බව යේසුස් පොළොවේ ගත කළ අවසන් රාත්‍රියේදී පැවසුවා. (යොහ. 15:10) බයිබල් ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයේදී අදාළ කරගනිමින් සැමදා දෙවිගේ ප්‍රේමය ලබන්න දැඩි අධිෂ්ඨානයක් ගැනීමට මගේ බයිබල් කතන්දර පොත මගින් අප ලබන දැනුම අපට උපකාරවත් වෙනවා නිසැකයි.—යූද් 21.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න