බයිබල් ශිෂ්‍යයාට කියවීමේ හැකියාව අඩුද?
1. අපට මුණගැසෙන්නේ කොයි වගේ අයවද?
1 දේවසේවයේදී කියවීමේ හැකියාව අඩු අයව අපට මුණගැසෙනවා. ශුභාරංචියට උනන්දුවක් දක්වන ඔවුන්ට අප උපකාර කරන්නේ කෙසේද?
2. ඔවුන්ව අප සැලකිය යුත්තේ කෙසේද? ඔවුන්ව අපහසුතාවට පත් නොකිරීම සඳහා කුමක් කළ හැකිද?
2 අපහසුතාවට පත් නොකරන්න: යෙහෝවා දෙවිට වටින්නේ කෙනෙකුගේ සිතේ තිබෙන දෙය මිස ඔහුගේ අධ්‍යාපන මට්ටම නොවෙයි. (1 සාමු. 16:7; හිතෝ. 21:2) එමනිසා කියවීමේ හැකියාව අඩු අයව අප කවදාවත් අපහසුතාවට පත් කරන්නේ නැහැ. අප එවැනි අයට නිසි ගෞරවය දක්වනවා නම් ඔවුන් සමඟ ඉවසිලිවන්තව කටයුතු කරනවා නම් දෙවි ගැන ඉගෙනගන්න ආශාවක් ඔවුන් තුළ ඇති විය හැකියි. (1 පේතෘ. 3:15) මුලදී එවැනි කෙනෙකුට බයිබල් පදයක් හෝ පොතේ ඡේදයක් කියවන්න කියා බල කරන්න එපා. සමහරවිට සත්‍යය කෙරෙහි ඔහුගේ අගය වැඩි වෙද්දී ඔහුට බයිබලය කියවන්නත් ආශාවක් ඇති විය හැකියි. ඒ නිසාම කියවීමේ හැකියාව දියුණු කරගන්න ඔහු පෙලඹේවි.—ගීතා. 1:2, 3.
3. මෙවැනි කෙනෙකු සමඟ පාඩමක් කරන විට මතක තබාගත යුත්තේ කුමන කරුණුද?
3 භාවිත කළ හැකි ක්‍රම: අපගේ ප්රකාශනවල තිබෙන පින්තූරවලින් ප්‍රයෝජන ගන්න. ඒවායින් බොහෝ දේ ඉගෙනගත හැකි නිසා එක් එක් පින්තූරය ගැන අදහස් දක්වන්න ශිෂ්‍යයාට උනන්දු කරන්න. ඉන්පසු ප්‍රශ්න අසා එයින් ඉගෙනගත හැකි පාඩම වටහාගන්න ඔහුට උපකාර කරන්න. පුනරීක්ෂණයක් හැටියටත් ඒවා භාවිත කළ හැකියි. කරුණක් හොඳින් මතක තබාගැනීමට පින්තූර උපකාරවත් වන නිසා පින්තූරයට අදාළ බයිබල් පද ඔහුට ඇසෙන සේ කියවන්න. බයිබල් පද බයිබලයෙන්ම කියවන්න. පසුව එය වැටහුණාද කියා දැනගැනීමට ශිෂ්‍යයාගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්න. ශිෂ්‍යයාට කියවීමේ හැකියාව අඩු නිසා ඔහුගේ සීමාවන් ගැනත් නිතරම මතකයේ තබාගන්න. ඕනෑවට වඩා කරුණු ආවරණය කරන්න එපා. පාඩමේ මූලික කරුණු හැර අනවශ්‍ය තොරතුරු පාඩමට ඇතුළත් කරන්න එපා. මෙවැනි ක්‍රමවලින් බයිබලයේ තිබෙන දේ කියවා දැනගන්න ඔහුටම ලොකු ආශාවක් ඇති විය හැකියි.
4. කියවීමේ හැකියාව දියුණු කිරීම සඳහා කුමක් කළ හැකිද?
4 හැකියාව දියුණු කරගැනීමට ආධාරක: බොහෝවිට කියවීමේ දුර්වලතාවක් තිබෙන අයගේ මතක ශක්තියේ අඩුවක් දකින්න නැහැ. ඔවුන්ට පටිගත හෝ තැටිගත කරන ලද ප්රකාශනවලට සවන් දෙන්න උනන්දු කරන්න. ඒවාට සවන් දෙන විට මුද්‍රිත පිටපතක්ද ළඟ තබාගෙන, ඇසෙන එක් එක් වචන හඳුනාගැනීමටත් ඒවා නැවත ශබ්ද කිරීමටත් ක්‍රමානුකූලව පුහුණු වෙන්න ඔවුන්ට හැකියි. කියවීමටත් ලිවීමටත් උපකාර කරන කුඩා ප්රකාශනයක් සමහර භාෂාවලින් මුද්‍රණය කර තිබෙනවා. යම් අවස්ථාවලදී සභාවේ වැඩිමහල්ලන් විසින් කියවීමට පුහුණුවක් ලබා දීම සඳහා පන්තියක් සැලසුම් කිරීමටද ඉඩ තිබෙනවා. මෙවැනි ආධාරක සැලසුම් කර තිබෙන්නේ කියවීමේ හැකියාව අඩු අයට පවා “ශුද්ධ ලියවිල්ල” කියවා තේරුම්ගෙන ගැලවීම ලබාගැනීමට අවස්ථාවක් දෙන්නයි.—2 තිමෝ. 3:15.