ප්‍රශ්න පෙට්ටිය
◼ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නීත්‍යනුකූලව ලියාපදිංචි කර තිබෙන ලාංඡන එක් එක් පුද්ගලයන් හෝ සභාවන් විසින් භාවිත කිරීම සුදුසුද?
ලාංඡනයක් කියන්නේ යම් ආයතනයක් හෝ සංවිධානයක් නිවැරදිව හඳුනාගැනීමට භාවිත කරන සංකේතයකට හෝ වෙළඳ ලකුණකටයි. මුර ටැඹක හැඩයෙන් යුත් ලාංඡනය ලියාපදිංචි කර තිබෙන්නේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා නමැති ආයතනයේ සංකේතය හැටියටයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාවන් ලිපි සඳහා භාවිත කරන කොළවල ඉහළ (ලිපි ශීර්ෂවල), දිග හරින ලද බයිබලයක ලාංඡනයක් දැකිය හැකියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් විවිධ රටවල ලියාපදිංචි කරන ලද ඊට සම්බන්ධ වෙනත් ආයතනවලද විවිධ ලාංඡන භාවිත කරනවා.
ඒ අනුව සංවිධානය මගින් ලියාපදිංචි කර තිබෙන ලාංඡන සභාවන් විසින් තම රාජ්‍ය ශාලාවල, ඒවායේ නාම පුවරුවල හා සභා ලිපි ශීර්ෂවල භාවිත නොකළ යුතුයි. එමෙන්ම පෞද්ගලික දේවලද මෙවැනි ලාංඡන සටහන් නොකළ යුතුයි. මෙවැනි ලාංඡන සභාවලින් යවන ලිපිවල භාවිත කළහොත් ඒවා ලෝක මූලස්ථානයේ හෝ ශාඛා කාර්යාලයේ අනුමැතිය ඇතුව එවනු ලැබූ ඒවා කියා වරදවා වටහගත හැකියි. එවිට අනවශ්‍ය නීතිමය ගැටලු මතු විය හැකියි.
එමෙන්ම මුර ටැඹ ලාංඡනය හෝ ඒ හා සමාන ලාංඡනයක් රාජ්‍ය ශාලා ගොඩනැඟිලිවල සවි කිරීමත් සුදුසු නැහැ. එම රාජ්‍ය ශාලාව සමිතියට අයිති එකක් වුණත් එසේ කිරීම සුදුසු නැහැ. ඔබේ රාජ්‍ය ශාලාවේ එවැනි දෙයක් තිබෙනවා නම් එය වෙනස් කිරීමට විශාල මුදලක් වැය වෙන්නේ නැත්නම් එය ඉවත් කිරීමට සැලසුම් කරන්න. කෙසේවෙතත් එය අයින් කිරීම සඳහා විශාල වෙනස්කම් කිරීමට සිදු වෙනවා නම් ගොඩනැඟිල්ල අලුත්වැඩියා කරන අවස්ථාවකදී එම ලාංඡනය ඉවත් කිරීමට හැකි වෙයි.