අපව පොලඹවන්නේ ප්‍රේමයයි!
1. දෙවිට තිබෙන ප්‍රේමය යේසුස්ව පෙලඹුවේ කුමක් කිරීමටද?
1 යේසුස් දේවසේවයේ යෙදීමට පෙලඹුණේ දෙවිට තිබූ ප්‍රේමය නිසයි. යේසුස්ගේ දේවසේවයේ සෑම අංගයකදීම දෙවිට තිබූ ප්‍රේමය පිළිබිඹු වුණා. යේසුස් පැවසුවේ “පියාණන් මට දී ඇති ආඥාව මා පිළිපදින්නේ මා පියාණන්ට ප්‍රේම කරන බව ලෝකය දැනගන්නා පිණිසය” කියායි. (යොහ. 14:31) යේසුස්ව ආදර්ශයට ගන්නාවූ අපටත් හැකියි දේවසේවයේ යෙදීමෙන් දෙවිට තිබෙන ප්‍රේමය පෙන්වන්න.—මතෙ. 22:37; එෆී. 5:1, 2.
2. දෙවිට ප්‍රේම කිරීම අපේ දේවසේවයට බලපාන්නේ කෙසේද?
2 “ඔබගේ නාමය විශුද්ධ වේවා”: ලැබෙන සෑම අවස්ථාවකදීම යෙහෝවා දෙවි සහ ඔහුගේ රාජ්‍යය ගැන අපි කතා කරනවා නම් දෙවිට ප්‍රේම කරන බව අපි පෙන්වනවා. එසේ කිරීමෙන් ඔහුගේ නාමයට ඇති වී තිබෙන කැළැල ඉවත් කිරීමට අපි දායක වෙන්න අපට පුළුවන්. (ගීතා. 83:17; එස. 36:23; මතෙ. 6:9) යේසුස් කළාක් මෙන් අපත් දිගටම දේවසේවයේ යෙදීමෙන් යෙහෝවා දෙවිගේ නම විශුද්ධ කිරීමට හා ඔහුගේ කැමැත්ත කිරීමට ආශාවක් දක්වන බව පෙන්වනවා.—මතෙ. 26:39.
3. බාධක ජය ගැනීමට යෙහෝවා දෙවිට දක්වන ප්‍රේමය උපකාර වන්නේ කෙසේද?
3 බාධක ජය ගැනීමට අපව පොලඹවන්නේ ප්‍රේමයයි: යෙහෝවා දෙවි කෙරෙහි වූ ප්‍රේමය සියලු බාධක ජය ගැනීමට උපකාරයක්. (1 කොරි. 13:4, 7) තම දේවසේවය නතර කිරීමට තරම් තත්වයක් උදා වන අවස්ථාවන්ට යේසුස් මුහුණ දුන්නා. එනමුත් අව්‍යාජ ප්‍රේමය සහ දෙවිගේ කැමැත්ත කිරීමට දැක්වූ ආශාව නිසා ඕනෑම බාධකයක් ජය ගන්න ඔහුට හැකි වුණා. (මාක් 3:21; 1 පේතෘ. 2:18-23) අපත් බොහෝ අභියෝගවලට මුහුණ දෙනවා. නමුත් දෙවිට අප ප්‍රේම කරන නිසා ඒවා ජය ගත හැකියි. යේසුස්ගේ ආදර්ශය අනුකරණය කිරීමෙන් විශ්වාසයෙන් යුතුව අපේ දේවසේවය ඉටු කරන්න අපිට පුළුවන්. පවුලෙන් එන විරුද්ධත්වයන්, අසනීප, මහලු විය හෝ ජනයා උදාසීනබවක් පෙන්වීම වැනි අභියෝගවලට මුහුණ දුන්නත් දිගටම හැකි තරම් හොඳින් දේවසේවයේ නියැලීමෙන් දෙවිට ප්‍රේම කරන බව පෙන්වමු.
4. දෙවිට ඇති ප්‍රේමය අපව පොලඹවන්නේ කුමක් කිරීමටද?
4 ප්‍රේමය බලවත් ගුණාංගයක්. දේවසේවයේ යෙදීමෙන් දෙවිට මුළු හදින් ප්‍රේම කරන බව පෙන්වීමට ලැබීම භාග්‍යයක්. (1 කොරි. 13:13) සදහටම දෙවිගේ නම විශුද්ධ වන දවස අත ළඟයි. එතෙක් අපේ ‘ප්‍රේමය තව තවත් වැඩි වේවා!’—ෆිලි. 1:9; මතෙ. 22:36-38.