ඔබ කරන සේවය වැඩි කරන්න පුළුවන්ද?
1. අපි කුමක් ගැන සිතා බැලිය යුතුද? ඒ ඇයි?
1 බොහෝදෙනෙක් ශුභාරංචියට සවන් දෙන්න කැමැති බව දුටු යේසුස් තම ගෝලයන්ට මෙසේ පැවසුවා. “අස්වැන්න නෙළීමට වැඩ කරන්නන් එවන ලෙස අස්වැන්නේ ස්වාමියාගෙන් අයැදින්න.” (මතෙ. 9:37, 38) අස්වැන්න නෙළීම නතර කරන දවස අත ළඟයි! ඒ නිසා වෙන කවරදාකටත් වඩා දැන් අපේ සේවය වැඩි කළ යුතුයි. අපිටත් එසේ කළ හැකිද කියා යාච්ඤාපූර්වකව සිතා බැලීම අවශ්‍යයි.—යොහ. 14:13, 14.
2. අස්වැන්න නෙළීමට සමහර අය ඉදිරිපත් වී තිබෙන්නේ කෙසේද?
2 වැඩි කරන්න: දෙවිගේ මඟ පෙන්වීමෙන් බොහෝදෙනෙකුට පුරෝගාමි සේවය ආරම්භ කරන්න හැකි වී තිබෙනවා. (ගීතා. 26:2, 3; ෆිලි. 4:6) මේ අවුරුද්දෙත් එක මාසයක් හෝ මාස කිහිපයක් උපකාරික පුරෝගාමි සේවයේ යෙදීමට සමහර අයට හැකි වුණා. එමගින් ඔවුන් තම සේවය වැඩි කරගත් අතර ඉන් ලැබූ සතුට නිසා ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදීමට ඔවුන්ගෙන් බොහෝදෙනා පෙලඹී තිබෙනවා.—ක්‍රියා 20:35.
3. ඔබ කලින් පුරෝගාමි සේවය නතර කර තිබුණා නම් දැන් කුමක් ගැන සිතා බැලිය හැකිද?
3 නැවතත් පුරෝගාමි සේවයේ යෙදීම: ඔබ කලින් පුරෝගාමියෙක් ලෙස සේවය කළාද? ඔබ එදා භුක්ති වින්ද සතුට ඔබට තවමත් මතක ඇති. නැවතත් පුරෝගාමි සේවයේ යෙදීම ගැන ඔබ යාච්ඤාපූර්වකව සිතා බැලුවාද? යම් හේතුවක් නිසා ඔබ කලින් පුරෝගාමි සේවය නතර කළත් දැන් ඔබේ තත්වය වෙනස් වී තිබෙනවාද? එසේනම් ඔබට පුරෝගාමියෙක් ලෙස ඔබේ සේවය වැඩි කරගන්න නැවතත් අවස්ථාවක් උදා විය හැකියි.—1 යොහ. 5:14, 15.
4. අප සැමට කුමක් කළ හැකිද?
4 අස්වැන්න නෙළීම ඉතා වේගයෙන් කෙරීගෙන යනවා. එය අවසන් වෙන්න ඉතාම ළඟයි. (යොහ. 4:35, 36) අපි සියලුදෙනාම දැනටමත් කරන සේවය තවත් වැඩි කිරීමට ජීවිතයේ යම් සකස් කිරීම් කරගන්න පුළුවන්ද කියා සෝදිසි කර බලමු. එසේ නොහැකියි කියා හැඟෙනවා නම් අපි කරන සේවය වඩාත් සාර්ථකව කිරීමටත් අපේ දක්ෂතා දියුණු කරගැනීමටත් උත්සාහ කරමු. (මාක් 12:41-44) දේවසේවයේ යෙදීම යෙහෝවා දෙවිගෙන් අපට ලැබී තිබෙන වරප්‍රසාදයක්. එයින් ප්‍රයෝජන ගන්න අපි සියලුදෙනාම උත්සාහ කරමු.—ගීතා. 110:3.