ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/10 1 පි.
  • පැහැදිලි තර්ක යොදාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැහැදිලි තර්ක යොදාගන්න
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ශුද්ධ ලියවිලි පද නිවැරදිව අදාළ කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ඔබ දේවවචනය සත්‍යය බව පෙන්වා දෙනවාද?
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • දේවවචනය නමැති කඩුව දක්ෂ ලෙස භාවිත කරන්න
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අන් අයව දිනාගත හැකි අයුරු
    2001 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2010 අපගේ රාජ්‍ය සේවාව
km 4/10 1 පි.

පැහැදිලි තර්ක යොදාගන්න

1. දේවසේවයේදී දේවවචනයෙන් දක්ෂ ලෙස උගන්වන්න නම් කුමක් කළ යුතුද?

1 පාවුල් වැනි දක්ෂ දේවසේවකයන් බයිබල් පද උපුටා දක්වනවා පමණක් නොව ‘දේවවචනය නිසි ලෙස භාවිත කිරීම’ අවශ්‍ය බවත් අවබෝධ කරගෙන තිබෙනවා. (2 තිමෝ. 2:15) අප උගන්වන විට “ඉතා පැහැදිලි තර්ක” යොදාගන්න පුළුවන් කොහොමද?—ක්‍රියා 28:23.

2. දේවවචනයට ගරු කරන්න ජනයාට උපකාර කළ හැක්කේ කෙසේද?

2 දේවවචනයට කතා කරන්න ඉඩහරින්න: මුලින්ම, දේවවචනයේ ඇති ප්‍රඥාවන්ත මඟ පෙන්වීම්වලට අවධානය යොමු කරවන්න. එවිට ජනයා තුළ දේවවචනය කෙරෙහි ගරුත්වයක් ඇති වෙයි. බයිබල් පදයක් කියවද්දී ඒ කෙරෙහි අප තුළ විශ්වාසයක් තිබෙන බව දකින ජනයා ඊට හොඳින් සවන් දෙන්න පෙලඹෙයි. (හෙබ්‍රෙ. 4:12) යම් කාරණයක් ගැන අපිට මෙසේ පවසන්න පුළුවන්. “ඒ ගැන දෙවි හිතන විදිහ දැනගත්ත එක මට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. මේ බලන්න ඔහුගේ වචනයේ කියන දේ.” හැකි සෑම අවස්ථාවකදීම දේවවචනයට කතා කරන්න ඉඩහරින්න.

3. බයිබල් පදයක් කියෙවූ පසු එහි අර්ථය තේරුම් කර දීමට කුමක් කළ හැකිද?

3 දෙවනුව, බයිබල් පදය කියවා එය පැහැදිලි කරන්න. බයිබල් පදයකට මුල්ම වතාවට සවන් දෙන බොහෝදෙනා එහි අර්ථය එකපාරම වටහාගන්නේ නැහැ. ඒ නිසා අපි සාකච්ඡා කරන විෂයට එම පදය අදාළ වන ආකාරය පැහැදිලි කළ යුතුයි. (ලූක් 24:26, 27) ප්‍රධාන කරුණු වෙත අවධානය යොමු කරවන්න. සාකච්ඡා කළ දෙය තේරුණාද නැද්ද කියා තීරණය කිරීමට ප්‍රශ්නයක් ඇසිය හැකියි.—හිතෝ. 20:5; ක්‍රියා 8:30.

4. තර්කානුකූලව පහදා දීමට අත්‍යවශ්‍ය තුන්වන පියවර කුමක්ද?

4 දේවවචනයෙන් තර්කානුකූලව පහදා දෙන්න: තුන්වනුව, හදවතට කතා කිරීමට වෑයම් කරන්න. බයිබල් පදය තමාට අදාළ වන ආකාරය අවබෝධ කරගැනීමට නිවැසියාට උපකාර කරන්න. ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන කාරණා තර්කානුකූලව පැහැදිලි කිරීමෙන් තමන් සිතන ආකාරය වෙනස් කරගත යුතුයි කියා කෙනෙක් තීරණය කළ හැකියි. (ක්‍රියා 17:2-4; 19:8) උදාහරණයකට, ගීතාවලිය 83:18 කියෙවූ පසු කෙනෙක් සමඟ බැඳීමක් ඇති කරගැනීමට ඔහුගේ නම දැනගෙන සිටීම කොතරම් වැදගත්ද කියා පැහැදිලි කළ හැකියි. ඉන්පසු “දෙවිගේ නම දැනගත්තොත් ඔබේ යාච්ඤා ගොඩක් අර්ථවත් වෙයි කියලා ඔබට හැඟෙන්නේ නැද්ද” කියා ඇසිය හැකියි. මේ ආකාරයට නිවැසියාගේ පෞද්ගලික ජීවිතයට බයිබල් පද අදාළ කිරීම වටිනවා. එලෙස දේවවචනය තර්කානුකූලව ඉගැන්වීමෙන් අවංක හදවත් ඇති අය සැබෑ මෙන්ම ජීවමාන දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න පෙලඹෙනවා.—යෙරෙ. 10:10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න