ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/10 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • දිගටම ප්‍රගතිය ලබන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • පටිගත කිරීම්වලින් ප්‍රයෝජන ගමු
    2015 අපගේ රාජ්‍ය සේවාව
2010 අපගේ රාජ්‍ය සේවාව
km 4/10 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ පටිගත කළ කතා හෝ ලේඛනය කළ කතා සාක්ෂිකරුවන් විසින් බෙදාහැරිය යුතුද?

බයිබලය මත පදනම් කතාවලට සවන් දීමෙන් අපි දිරිගැන්වෙන අතර ශක්තිමත් වෙනවා. (ක්‍රියා 15:32) එමනිසා රැස්වීමට ආවේ නැති අයට එම දිරිගැන්වෙන තොරතුරු ලබා දීමට පෙලඹීමක් ඇති වීම පුදුමයක් නොවෙයි. දැන් නවීන උපකරණ තිබෙන නිසා කතාවක් පටිගත කර අන් අයට දීම පහසුවෙන්ම කළ හැකියි. සමහරු ළඟ පටිගත කළ කතා බොහොමයක් තිබෙනවා. ඒවායින් සමහර කතා වසර ගණනකට කලින් දුන් ඒවායි. සමහරු මේවා අන් අයට හෝ මිතුරන්ට දීම සඳහා පිටපත් සකස් කරන්නේ හොඳ චේතනාවෙන්. තවත් අය එම කතා ඕනෑම කෙනෙකුට ලබාගත හැකි ආකාරයට වෙබ් අඩවිවලට දමා තිබෙනවා.

තමන්ගේ හෝ තම පවුලේ අයගේ ප්‍රයෝජනය සඳහා කතා පටිගත කිරීමේ වරදක් නැහැ. ඊට අමතරව, රැස්වීම්වලට එන්න බැරි මහලු හෝ ආබාධිත අයට එම කතා පටිගත කර දීමට වැඩිමහල්ලන් සැලසුම් යෙදීමට ඉඩ තිබෙනවා. කෙසේවෙතත් ලේඛනය කළ හෝ පටිගත කළ කතා අප බෙදාහැරීමෙන් වැළකීමට හොඳ හේතු තිබෙනවා.

බොහෝවිට කතා දෙනු ලබන්නේ සභාවල අවශ්‍යතා අනුවයි. යම් කතාවක් දී ඇත්තේ කුමන තත්වයන් උද්ගත වූ නිසාද කියා අපි දන්නේ නැහැ. එමනිසා පටිගත කළ කතාවකට සවන් දීමෙන් අප කරුණු වරදවා වටහාගැනීමට ඉඩ තිබෙනවා. එමෙන්ම කතාව දුන්නේ කවදාද කවුද කියා අප හරියටම දන්නේ නැති නිසා එම කතාවේ තොරතුරු නිවැරදිද, අපේ වර්තමාන අවබෝධයට එකඟද කියා සහතික වීමටත් බැරි වෙනවා. (ලූක් 1:1-4) ලේඛනය කළ හෝ පටිගත කළ කතා බෙදාහැරීම නිසා සමහර කථිකයන් තමන්ට අනවශ්‍ය අවධානයක් ඇදගන්නත් අන් අය විසින් ඔවුන්ට අනවශ්‍ය ගෞරවයක් දීමටත් පෙලඹිය හැකියි.—1 කොරි. 3:5-7.

“නියම වේලාවට” අපට “නියමිත වූ ආහාර කොටස” දීමට විශ්වාසවන්ත හා නුවණ ඇති සේවකයා වෙහෙසෙනවා. (ලූක් 12:42) සභාවල දිය යුතු කතා සකස් කිරීමත් ඕනෑම කෙනෙකුට ලබාගත හැකි ලෙස අපගේ jw.org වෙබ් අඩවියට ඇතුළත් කළ යුතු පටිගත කළ තොරතුරු සකස් කිරීමත් ඊට ඇතුළත්. විශ්වාසවන්ත හා නුවණ ඇති සේවකයා හා පාලක මණ්ඩලය විසින් අපේ විශ්වාසය ශක්තිමත් කිරීම සඳහා අපට අවශ්‍ය දේවල් සපයන බවට නිසැක විය හැකියි.—ක්‍රියා 16:4, 5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න