බයිබලය—ඔබේ ජීවිතය කෙරෙහි එහි බලය
මිලියන ගණනකගේ ජීවිත වඩා හොඳ අතට හැරවීමට බයිබලයේ සඳහන් මඟ පෙන්වීම් උපකාරවත් වී තිබෙනවා. අප මුහුණ දෙන ගැටලුවලින් ගොඩ ඒමට උපකාරවත් වන බයිබල් ප්‍රතිපත්ති මොනවාද? ඊට පිළිතුරු කොටස් තුනකින් යුත් බයිබලය—සත්‍ය තොරතුරු හා අනාවැකිවලින් යුත් පොතකි නමැති DVD තැටියේ අඩංගු බයිබලය—ඔබේ ජීවිතය කෙරෙහි එහි බලය නමැති දෙවන කොටස නැරඹීමෙන් සොයාගත හැකියි. එය නරඹා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.
(1) බයිබලය උසස් කෘතියක් පමණක් නොවන්නේ ඇයි? (හෙබ්‍රෙ. 4:12) (2) ජීවිත හොඳ අතට හැරවීමට බයිබලයේ මඟ පෙන්වීම්වලට හැකි නම් බොහෝදෙනෙක් මෙතරම් ගැටලුවලින් මිරිකී සිටින්නේ ඇයි? (3) බයිබලයේ පුරා දිවෙන ප්‍රධාන තේමාව කුමක්ද? (4) (අ) හොඳ අදහස් හුවමාරුව සඳහා (ආ) කෝපය පාලනය කරගැනීම සඳහා, විවාහකයන්ට උපකාරවත් වන බයිබල් ප්‍රමිති මොනවාද? (5) විවාහ ජීවිතයට බයිබලයේ මඟ පෙන්වීම් අදාළ කරගන්නා විට එය වඩා හොඳ අතට පත් වන්නේ කොහොමද? (එෆී. 5:28, 29) (6) දෙමාපියන්ට, යෙහෝවා දෙවි කදිම ආදර්ශයක් වන්නේ කොහොමද? (මාක් 1:9-11) (7) සියලුදෙනාම සතුටක් ලබන ආකාරයෙන් පවුලේ පාඩම පවත්වන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (8) බයිබල් පාඩමට අමතරව තම දරුවන්ට කුමක් ලබා දීමට දෙමාපියන්ට බයිබලයේ මඟ පෙන්වා තිබෙනවාද? (9) ආර්ථික ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීමට බයිබලයේ සඳහන් උපදෙස් උපකාරවත් වන්නේ කොහොමද? (10) පිරිසිදුකම, මත්ද්‍රව්‍ය භාවිතය සහ මානසික පීඩනය වැනි කාරණා සම්බන්ධයෙන් ඇති බයිබල් ප්‍රමිතිවලට කීකරු වීම සෞඛ්‍ය ගැටලු අවම කරගැනීමට උපකාරවත් වන්නේ කොහොමද? (11) අපගේ විශ්වාසය තවත් ශක්තිමත් කරන්නේ බයිබලයේ සඳහන් කුමන පොරොන්දුද? (යෝබ් 33:25; ගීතා. 145:16) (12) බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ඔබට පෞද්ගලිකව ප්‍රයෝජනවත් වී තිබෙන්නේ කොහොමද? (13) මෙම DVD තැටියේ ඇතුළත් තොරතුරු වෙනත් අයට උපකාර කිරීමට යොදාගන්න පුළුවන් කොහොමද?