ඉරිදාත් සේවයේ හවුල් වෙමුද?
1. ෆිලිප්පියට පැමිණි පාවුල් හා ඔහු සමඟ සංචාරය කළ අයගෙන් අපට ඉගෙනගන්න පුළුවන් කුමක්ද?
1 ෆිලිප්පියේ සිටි බොහෝ යුදෙව්වන් සාමාන්‍යයෙන් සබත් දවස ගත කළේ විවේක සුවයෙන්. පාවුල්ට හා ඔහු සමඟ සංචාරය කළ අයට ෆිලිප්පියට පැමිණි විට යුදෙව්වන් මෙන් ඒ දිනයේදී විවේක ගැනීමට හැකියාව තිබුණා. නමුත් සමහර යුදෙව්වන් යාච්ඤා කරන්න නගරයෙන් පිට තැනක ඒ දවසේදී රැස් වෙන බව ඔවුන් දැනගත්තා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඔවුන් ඒ අයට දේශනා කළා. ප්‍රතිඵලයක් ලෙස ලිදියා නම් ස්ත්‍රියත් ඇගේ නිවසේ සිටි සියලුදෙනාත් බව්තීස්ම වුණා. ඒ ගැන ඔවුන් කොතරම් සතුටු වෙන්න ඇද්ද! (ක්‍රියා 16:13-15) අදත් බොහෝදෙනා විවේක ගන්නේ ඉරිදා දවසෙයි. ඔවුන්ට දේශනා කිරීමට එදින යම් වේලාවක් ගත කරන්න අපිටත් පුළුවන්ද?
2. ඉරිදා සේවයේ හවුල් වීම සඳහා මුහුණ දෙන්න සිදු වුණේ කුමන අභියෝගවලටද?
2 ඉරිදා දේවසේවය වෙනුවෙන් දැරූ වෑයම: සෑම ඉරිදා දවසකම යම් වේලාවක් දේවසේවයේ හවුල් වීමට 1927දී දෙවිගේ සේවකයන්ව දිරිගැන්වුවා. එහි ප්‍රතිඵලය වුණේ විරුද්ධවාදිකම් එල්ල වීමයි. ඉරිදා දින නිවාඩු නීතිය උල්ලංගනය කිරීම, සාමය කඩ කිරීම හා බලපත්‍රයක් නැතුව පොත් පත් අලෙවි කිරීම යන චෝදනා මත ඇමරිකාවේ සිටි බොහෝ ප්‍රචාරකයන්ව අත් අඩංගුවට ගත්තා. නමුත් අපේ සහෝදරයන් දේශනා කිරීම නතර කළේ නැහැ. පසුව 1930 ගණන්වලදී ඔවුන් තවත් ක්‍රමයක් යොදාගත්තා. ඒ සභාවන් කිහිපයක් එකතු වී විශාල කණ්ඩායම් හැටියට යම් ප්‍රදේශයකට ගොස් සේවය කිරීමයි. ඔවුන්ව අත් අඩංගුවට ගත්තත් ඔවුන් වෙනුවෙන් තවත් කණ්ඩායමක් ගොස් එහි සේවය කළ නිසා සේවය නතර කරන්න බලධාරීන්ට හැකි වුණේ නැහැ. එදා එවැනි විරෝධතා මැද පවා ඔවුන් අත් නෑර ඉරිදා දිනවල සේවය කළා. අපට තවමත් නිදහස තිබෙනවා. ඉන් ප්‍රයෝජන ගෙන සේවයේ හවුල් වීමට ඉරිදා දවසෙන් යම් වේලාවක් වෙන් කරන්න අපිට බැරිද?
3. ඉරිදා දවස සේවය සඳහා හොඳ දවසක් වෙන්නේ ඇයි?
3 ජනයාව මුණගැසෙන්න හොඳ දවසක්: රැකියා කරන බොහෝදෙනා විවේකීව සිටින්නේ ඉරිදාටයි. ඔවුන් විවේකීව සිටින නිසා දරුවන් හදා වඩා ගැනීම, පවුල් ජීවිතය, අනාගතය වැනි දේවල් ගැන කතා කිරීමට යම් කැමැත්තක් දක්වන්න ඉඩ තිබෙනවා. බොහෝ දුරට රැස්වීම් පැවැත්වෙන්නේ ඉරිදා නිසා සේවය සඳහා අමුතුවෙන් අඳින්න පළඳින්න අවශ්‍යත් නැහැ. ඒ නිසා රැස්වීමට පෙර හෝ පසු සේවය සඳහා යම් වේලාවක් යෙදවීම ගැන සිතා බලන්න ඔබට පුළුවන්. අවශ්‍ය නම් කෑම ටිකක් රැගෙන යන්නත් ඔබට හැකියි.
4. ඉරිදා යම් වේලාවක් සේවයට වෙන් කිරීමෙන් මොන වගේ ප්‍රීතියක් අද්දැකිය හැකිද?
4 ඉරිදා යම් වේලාවක් සේවයට වෙන් කළත් විවේක ගැනීම සඳහා ඕනෑ තරම් කාලයක් ඔබට ඉතුරු වෙනවා. දේවසේවයේ හවුල් වීමෙන් ලැබෙන සතුට සමඟ ඔබ ලබන විවේකය ඔබව තවත් ප්‍රාණවත් කරන බව නිසැකයි. (හිතෝ. 19:23) ඊට අමතරව සත්‍යයට උනන්දුවක් දක්වන ලිදියා හා සමාන කෙනෙකුව හමු වුණොත් ඔබේ සතුට තවත් වැඩි වේවි!