‘ගැඹුරු දයානුකම්පාවෙන් ක්‍රියා කරන්න’
1. අද මිනිසුන්ට අත්‍යවශ්‍ය වී තිබෙන්නේ කුමක්ද?
1 පෙර කවරදාටත් වඩා අද මිනිසුන්ට අන් අයගේ දයාව අවශ්‍යයි. පිරිහෙමින් පවතින ලෝකය තුළ අසතුට, මානසික අවපීඩනය හා අසරණකම වැඩි වෙමින් පවතිනවා. බොහෝදෙනෙකුට උපකාර අවශ්‍යව තිබෙන නිසා අපේ අසල්වාසීන්ට අව්‍යාජ සැලකිල්ලක් දක්වන්න ක්‍රිස්තියානීන් වන අපිට පුළුවන්. (මතෙ. 22:39; ගලා. 6:10) එවැනි සැලකිල්ලක් දැක්විය හැක්කේ කෙසේද?
2. දයාව පෙන්වීමට හොඳම ක්‍රමය කුමක්ද?
2 දයානුකම්පිත සේවයක්: දෙවිගෙන් හැර වෙන කිසිවෙකුගෙන් සැබෑ කල්පවතින සැනසිල්ලක් ලැබෙන්නේ නැහැ. (2 කොරි. 1:3, 4) “ගැඹුරු දයානුකම්පාවෙන්” ක්‍රියා කරන යෙහෝවා දෙවි අපෙන් ඉල්ලන්නේ ඔහුව ආදර්ශයට ගන්න කියායි. එමෙන්ම අපේ අසල්වාසීන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න කියාද අණ කර තිබෙනවා. (1 පේතෘ. 3:8) දුක් විඳින මිනිසාට සැබෑ සහනය ලැබෙන්නේ දෙවිගේ රාජ්‍යයෙන් නිසා “බිඳුණු සිත් ඇත්තන්ව” සනසන්න හොඳම ක්‍රමය මෙම සේවයෙහි ක්‍රියාශීලීව හවුල් වීමයි. (යෙසා. 61:1) තම සෙනඟට දයානුකම්පාව දක්වන යෙහෝවා දෙවි ළඟදීම මෙම පොළොවෙන් දුෂ්ටකම ඉවත් කර මෙය පාරාදීසයක් බවට පත් කරයි.—2 පේතෘ. 3:13.
3. යේසුස් මෙන් අන් අයට සලකන්න පුළුවන් කොහොමද?
3 යේසුස් මෙන් මිනිසුන්ට සලකන්න: විශාල පිරිසකට දේශනා කරන විට පවා යේසුස් එක් එක්කෙනා ගැන සැලකිලිමත් වුණා. සෑම කෙනෙකුටම දෙවිගේ මඟ පෙන්වීම් අවශ්‍ය බව ඔහු අවබෝධ කරගෙන සිටියා. ඔවුන් සිටියේ මඟ පෙන්වීමක් දීමට එඬේරෙක් නැති බැටළුවන් ලෙසයි. තමා දුටු දෙයින් හදවත උණු වී ගිය යේසුස් ඔවුන්ට ඉවසිලිවන්තව ඉගැන්නුවා. (මාක් 6:34) යේසුස් මිනිසුන් ගැන සිතූ ආකාරයට අපත් සිතනවා නම් එක් එක් පුද්ගලයාට දයාව පෙන්වන්න අපි පෙලඹෙනවා. ඒ බව අපේ කටහඬින් හා මුහුණේ ඉරියව්වලින් පිළිබිඹු වෙයි. එක් එක් කෙනාගේ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ට ගැළපෙන ආකාරයට දේශනා කරමු.—1 කොරි. 9:19-23.
4. අපි දයානුකම්පිතව ක්‍රියා කළ යුත්තේ ඇයි?
4 ලොව පුරා සිටින සියලු ජාතීන් අතරින් මහත් සමූහයක් ශුභාරංචියටත් තමන්ට දක්වන සැලකිල්ලටත් හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. අපි දයානුකම්පිතව ක්‍රියා කරන විට අපේ දයානුකම්පිත යෙහෝවා දෙවිව ගෞරවයට හා සතුටට පත් කරන්න අපිට පුළුවන්.—කොලො. 3:12.