ප්‍රශ්න පෙට්ටිය
◼ දොරකඩ ළඟ සිට කරන බයිබල් පාඩමකදී යාච්ඤා කළ යුතුද?
බයිබල් පාඩමක් ආරම්භයේදී හා අවසානයේදී යාච්ඤා කිරීම බොහෝ ප්‍රයෝජනවත්. ඉන් අපි බලාපොරොත්තු වන්නේ දෙවිගේ බලයේ උපකාරය ලබාගැනීමයි. (ලූක් 11:13) ඒ වගේම බයිබල් පාඩමේ ඇති වැදගත්කම හා යාච්ඤා කළ යුතු ආකාරය ගැන ශිෂ්‍යයා ඉන් ඉගෙනගන්නවා. (ලූක් 6:40) එමනිසා බයිබල් පාඩම පටන්ගෙන හැකි විගස ශිෂ්‍යයා සමඟ යාච්ඤා කිරීම සුදුසුයි. නමුත් දොරකඩ ළඟ සිට කරන බයිබල් පාඩමකදී, තත්වයන් සලකා බලා යාච්ඤාවක් කරනවාද නැද්ද කියා මෙහෙයවන්නාට තීරණය කළ හැකියි.
එවැනි අවස්ථාවකදී සලකා බැලිය යුතු වැදගත් කරුණක් වන්නේ බයිබල් පාඩම පවත්වන වටපිටාවයි. එය අසල්වැසියන්ගේ වැඩි අවධානයට ලක් නොවෙනවා නම් පාඩමට පෙර හා පසු කෙටි යාච්ඤාවක් ඉදිරිපත් කිරීම නැණවත් දෙයක් විය හැකියි. නමුත් යාච්ඤා කරන විට එය අන් අයගේ අවධානයට ලක් වේ නම් හෝ ඒ නිසා නිවැසියා අපහසුතාවට පත් වේ නම් කුමක් කළ හැකිද? සුදුසු තැනක පාඩම පැවැත්වීමට අවස්ථාව ලැබෙන තෙක් එසේ නොකර සිටීම යෝග්‍ය විය හැකියි. පාඩම පවත්වන ස්ථානය කුමක් වුවත් ශිෂ්‍යයා සමඟ මුල් වරට යාච්ඤා කිරීම ආරම්භ කරන්නේ කුමන අවස්ථාවේදීද කියා තීරණය කිරීමේදී මෙහෙයවන්නා ඥානවන්ත විය යුතුයි.—වර්ෂ 2005 මාර්තු රාජ්‍ය සේවාවේ 4වෙනි පිටුව බලන්න.