නිවැසියාව සිතන්න පොලඹවන්න
1. දේවසේවයේදී වඩාත් පලදායී ක්‍රමය කුමක්ද?
1 දේවසේවයේදී වඩාත් පලදායී ක්‍රමය වන්නේ අපගේ මතයේ දැඩි ලෙස එල්බගෙන කතා කිරීමද නැත්නම් නිවැසියාව සිතන්න පොලඹවා නිවැරදි තීරණයකට ඒමට ඔහුට උපකාර කිරීමද? පාවුල් තොරතුරු තර්කානුකූලව පැහැදිලි කරමින් තෙසලෝනිකයේ සිටි යුදෙව්වන්ව සිතන්න පොලඹවන ආකාරයෙන් කතා කළ නිසා “සමහරදෙනෙක් යේසුස්ගේ අනුගාමිකයන්” බවට පත් වුණා. (ක්‍රියා 17:2-4) අපට එය කළ හැක්කේ කෙසේද?
2. අපට පාවුල්ව අනුකරණය කළ හැක්කේ කෙසේද?
2 ඔවුන්ගේ හැඟීම් හා පසුබිම තේරුම්ගන්න: කෙනෙකුව සිතන්න පෙලඹවීමේදී ඔහුගේ හැඟීම් හා පසුබිම ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. ඇරියොපගයේ සිටි දෙවිට නමස්කාර නොකළ අයට කතා කරන විට ඔවුන්ට හුරුපුරුදු, ඔවුන් පොදුවේ පිළිගත් දේවල් ගැන පාවුල් සඳහන් කළා. (ක්‍රියා 17:22-31) අපත් යම් හැඳින්වීමක් සූදානම් කිරීමේදී ප්‍රදේශයේ ජනයාගේ පොදු මතයන් සහ ඔවුන් පැමිණ තිබෙන වැරදි නිගමනයන් ගැනත් සැලකිලිමත් වීම අවශ්‍යයි. (1 කොරි. 9:19-22) නිවැසියා සංවාදයට බාධා කරයි නම් ඔබ දෙදෙනාම එකඟ වන පොදු විෂයක් ඔස්සේ සාකච්ඡා කිරීමට උත්සාහ කරන්න.
3. ප්‍රශ්න ඇසීම ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
3 සිතන්න පොලඹවන ප්‍රශ්න අසන්න: අපි යම් කෙනෙකුට යම් ස්ථානයකට යෑමට පාර කියන්න නම් මුලින්ම ඔහු සිටින තැන අප දැනගත යුතුයි. එලෙසම නිවැසියෙක් යම් දෙයක් ගැන දරන මතය නොදැන ඒ සම්බන්ධයෙන් ඔහුට උපකාර කරන්න අපට බැහැ. තම අසන්නන්ව සිතන්න පොලඹවන ආකාරයෙන් කතා කිරීමට පෙර ඔවුන්ගේ සිතේ තිබෙන දේ තේරුම්ගැනීමට යේසුස් බොහෝවිට ප්‍රශ්න ඇසුවා. උදාහරණයකට “සදාකාල ජීවනය ලබාගන්න නම් මම මොනවාද කරන්න ඕනේ” කියා කෙනෙක් ඇසූ විට ඊට පිළිතුරු දීමට පෙර ඔහු ඒ ගැන දරන මතය තේරුම්ගැනීමට යේසුස් උත්සාහ කළා. (ලූක් 10:25-28) තවත් අවස්ථාවකදී පේතෘස් දී තිබූ වැරදි පිළිතුර නිවැරදි කිරීමටද යේසුස් දක්ෂ ලෙස ප්‍රශ්න යොදාගත්තා. (මතෙ. 17:24-26) නිවැසියෙක් අපගෙන් ප්‍රශ්නයක් අසන විට හෝ වැරදි අදහසක් පළ කරන විට ඔහුව සිතන්න පෙලඹවීම සඳහා අපත් දක්ෂ ලෙස ප්‍රශ්න අසමු.
4. නිවැසියාව සිතන්න පෙලඹවීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
4 නිවැසියන්ව සිතන්න පොලඹවන ආකාරයෙන් කතා කිරීමෙන් අපි පෙන්වන්නේ ඔවුන්ට ගරු කරන බවයි. (1 පේතෘ. 3:15) ඒ තුළින් අපි අනුගමනය කරන්නේ අපගේ උතුම් ගුරුවරයා වන යේසුස්ව සහ දක්ෂ ලෙස ශුභාරංචිය ප්‍රකාශ කළ ඔහුගේ මුල් අනුගාමිකයන්වයි. අපි එලෙස නිවැසියන් සමඟ කතා කිරීමෙන් ඊළඟ වතාවේදී ඔවුන් වඩා හොඳ ප්‍රතිචාරයක් දැක්වීමට ඉඩ තිබෙනවා.