නිතරම සූදානමින්!
1. පළමු ශතවර්ෂයේ දේවසේවකයන් ශුභාරංචිය ප්‍රකාශ කරන්න නිතරම සූදානමින් සිටියේ කෙසේද?
1 මුල් සියවසේ සිටි උද්‍යෝගීමත් දේවසේවකයන් ජනයාව මුණගැසුණු ඕනෑම තැනකදී ඔවුන්ට ශුභාරංචිය ප්‍රකාශ කළා. (ක්‍රියා 5:42) ගෙයින් ගෙට යන අතරතුරේදී මඟ දෙපස හමු වූ අයට වගේම දේවසේවය අවසන් වී වෙළෙඳ සැළට යන අතරතුරේදී හමු වූ ජනයාටද ඔවුන් ශුභාරංචිය ප්‍රකාශ කළ බවට කිසිම සැකයක් නැහැ. යේසුස් මෙන් ඔවුන්ද ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ලැබුණු සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගැනීමට සූදානමින් සිටියා.—මාක් 6:31-34.
2. අප සෑමවිටම දෙවිගේ සාක්ෂිකරුවන් බව පෙන්විය හැක්කේ කෙසේද?
2 නිතරම සූදානමින් සිටිමු: අප යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන්නේ ගෙයින් ගෙට දේවසේවයේ හවුල් වන අවස්ථාවලදී පමණක් නොව සෑම අවස්ථාවකදීම අපි සාක්ෂිකරුවන්. (යෙසා. 43:10-12) ඒ නිසා අප ගෙයින් ගෙට සේවයේ හවුල් නොවන අවස්ථාවලදී පවා සාක්ෂි දැරීමට සූදානමින් සිටිය යුතුයි. (1 පේතෘ. 3:15) අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ලැබෙන විට එය කරන ආකාරය ගැන ඔබ කල්පනා කරනවාද? උනන්දුව දක්වන කෙනෙකු හමු වූ විට ලබා දීමට සඟරා හෝ පත්‍රිකා කිහිපයක් ඔබ ළඟ තබාගන්නවාද? (හිතෝ. 21:5) ඔබ සාක්ෂි දරන්නේ ගෙයින් ගෙට දේවසේවයේදී පමණද? නැත්නම් අවිධිමත් ලෙස සාක්ෂි දැරීමට ලැබෙන අවස්ථාවලදීත් එසේ කිරීමට සූදානමින් සිටිනවාද?
3. අවිධිමත් සාක්ෂි දැරීම කියන්නේ කුමක්ද?
3 අවිධිමත් සාක්ෂි දැරීම කියන්නේ කුමක්ද? ගෙයින් ගෙට සේවයට අමතරව බස් නැවතුම්පොළවල්, රථ ගාල් හෝ ව්‍යාපාරික ස්ථාන වැනි ඕනෑම ස්ථානයක සාක්ෂි දැරීමයි. නමුත් ඉන් අදහස් කරන්නේ කිසිම සැලැස්මක් නැතුව හෝ පෙර සූදානමක් නැතුව සාක්ෂි දැරීම නොවෙයි. ඒ ආකාරයෙන් සාක්ෂි දැරීම සඳහාද අප නිතරම හොඳින් සූදානම් වී සිටිය යුතුයි. පාවුල්ද ගෙයින් ගෙට සේවයට අමතරව “ප්‍රසිද්ධියේද” එනම් අවිධිමත් ලෙසද ශුභාරංචිය ප්‍රකාශ කළා. (ක්‍රියා 20:20) මීට අවුරුදු කිහිපයකට පෙර ‘අවිධිමත් සාක්ෂි දැරීම’ වෙනුවට ‘අනියම් සාක්ෂි දැරීම’ කියා අප භාවිත කළා ඔබට මතක ඇති. නමුත් දැන් අපි එම වචනය භාවිත නොකරන්නේ ඉන් ලබා දෙන අදහස යෝග්‍ය නොවන නිසයි. ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කිරීම අපගේ ප්‍රධාන ක්‍රමය වුණත් අවිධිමත් ලෙස සාක්ෂි දැරීමෙන්ද බොහෝ ප්‍රතිඵල ලැබී තිබෙනවා. පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් උත්සාහ කළේ සෑම නිවසකටම යෑමට වඩා සෑම පුද්ගලයෙකුටම සාක්ෂි දැරීමටයි. අපත් ඔවුන්ව ආදර්ශයට ගනිමින් ගෙයින් ගෙට යන විටත් ජනයා ගැවසෙන ස්ථානවලදීත් අපට පවරා ඇති කාර්යය සම්පූර්ණයෙන්ම ඉටු කරමු.—2 තිමෝ. 4:5.