ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/12 1 පි.
  • මහන්සිය වතුරේ යන්නේ නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මහන්සිය වතුරේ යන්නේ නැහැ
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • “විඳදරාගනිමින් පල දරන අයට” යෙහෝවා දෙවි ආදරෙයි
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘බොහෝ පල දරමින් සිටින්න’
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි’
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උත්සාහය අත්හරින්න එපා!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 11/12 1 පි.

මහන්සිය වතුරේ යන්නේ නැහැ

1. සේවයට තියෙන අපේ උද්‍යෝගය අඩු වෙන්න පුළුවන් කොහොමද?

1 ‘මහන්සි වෙලා උපයාගත්ත දේ සතුටින් භුක්ති විඳින්න’ පුළුවන් විදියටයි දෙවි අපිව නිර්මාණය කරලා තියෙන්නේ. (දේශ. 2:24) අපිට සතුටු වෙන්න පුළුවන් එක දෙයක් තමයි අපි කරන සේවය. ඒත් සේවයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන්නැති වුණාම අපේ උද්‍යෝගය අඩු වෙලා අපේ සතුටත් නැති වෙන්න පුළුවන්. සතුටයි උද්‍යෝගයයි තියාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

2. හැමෝම පණිවිඩය අහයි කියලා අපි බලාපොරොත්තු වෙන්න හොඳ නැත්තේ ඇයි?

2 හැමෝම ඇහුම්කන් දෙයි කියලා හිතන්න එපා. යේසුස්ගේ පණිවිඩය පිළිගත්තේ ටිකදෙනෙක් වුණාට ඔහු කරපු සේවය අසාර්ථකයි කියලා අපි කියන්නේ නැහැනේ. (යොහ. 17:4) ශුභාරංචියට හුඟදෙනෙක් හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ නැති වෙයි කියලා වපුරන්නාගේ උපමාව ගැන කියද්දී යේසුස් පවා කිව්වා. (මතෙ. 13:3-8, 18-22) හැබැයි දේශනා කරන්න අපි දරන මහන්සිය කවදාවත් වතුරේ යන්නේ නැහැ!

3. මිනිස්සු අපේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවත් නැතත් අපිට ‘පල දරන්න’ පුළුවන් කොහොමද?

3 පල දරන්න පුළුවන් කොහොමද? යේසුස් කිව්වේ පණිවිඩය අහලා ඒක පිළිගන්න අය ‘පල දරනවා’ කියලයි. (මතෙ. 13:23) තිරිඟු ගහකින් හටගන්න “පල” වෙන්නේ තවත් තිරිඟු පැල නෙමෙයි. තිරිඟු බීජයි. ඒ හා සමානව අපෙන් හටගන්නා “පල” වෙන්නේ හැමවිටම යේසුස්ගේ අනුගාමිකයන් නෙමෙයි. ඒ වෙනුවට අපි හැම තැනම පතුරුවන පණිවිඩයයි. මිනිස්සු අපේ පණිවිඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවත් නැතත් අපි ශුභාරංචිය පතුරුවන තරමට අපිට සතුටක් ලබන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ නාමයට ඇති වෙලා තියෙන කැළැල නැති කරන්න දායක වෙන්නත් අපිට පුළුවන්. (යෙසා. 43:10-12; මතෙ. 6:9) දෙවිගේ හවුල් වැඩකරුවන් වෙන්නත් අපිට පුළුවන්. (1 කොරි. 3:9) දෙවිට අපේ මුවින් ඒ විදියට ප්‍රශංසා කරද්දී ඔහු ඒ ගැන හුඟක් සතුටු වෙනවා.—හෙබ්‍රෙ. 13:15, 16.

4. අපි නොදන්නවා වුණත් අපි කරන සේවයෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?

4 යේසුස් දේශනා කරපු සමහර අය පස්සේ කාලෙකදී ඔහුගේ අනුගාමිකයන් වුණා කියලා අපිට හිතන්න පුළුවන්. අපිත් මහන්සි වෙලා ශුභාරංචිය නමැති බීජ වපුරනවා. ඒ නිසා හුඟක් අය පස්සේ කාලෙක සත්‍යයට එනවා. සමහර විට අපි ඒ ගැන දන්නෙත් නැහැ. ඒකෙන් පේන්නේ අපි කරන සේවයේ හොඳ ප්‍රතිඵල තියෙනවා කියන එකයි. ඒ නිසා අපි ‘බොහෝ පල දරන’ යේසුස්ගේ අනුගාමිකයන් බව ඔප්පු කරමු.—යොහ. 15:8.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න