අනාගතවක්තෘ ආමොස් අපිට ආදර්ශයක්!
1. ආමොස්ගේ ආදර්ශයෙන් අපිට දිරිගැන්වීමක් ලබන්න පුළුවන් කොහොමද?
1 කවදා හරි ඔයාටත් හිතිලා තියෙනවාද ඔයා වැඩි දුර ඉගෙනගෙන නැති නිසාත් සාමාන්‍ය පවුලකින් එන නිසාත් දේශනා කරන්න සුදුසුකම් නැහැ කියලා. එහෙමනම් ආමොස්ගේ ආදර්ශයෙන් ඔයාට ලොකු දිරිගැන්වීමක් ලබන්න පුළුවන්. ඔහු එඬේරෙක්. ඒ වගේම අස්වැන්න නෙළන කාලයේදී කුලී වැඩ කරපු කෙනෙක්. ඒත් යෙහෝවා දෙවි වැදගත් පණිවිඩයක් ප්‍රකාශ කරන්න ඔහුට බලය දුන්නා. (ආමො. 1:1; 7:14, 15) යෙහෝවා දෙවි අදත් ඒ වගේ අයව තම සේවය සඳහා යොදාගන්නවා. (1 කොරි. 1:27-29) දේශනා සේවය සම්බන්ධයෙන් අපිට ආමොස්ගෙන් තව ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?
2. විරුද්ධවාදිකම් හමුවේ අපිට එඩිතරව ඉන්න පුළුවන් මොන හේතුව නිසාද?
2 විරුද්ධවාදිකම් හමුවේ එඩිතරව ඉන්න. ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයේ වසු නමස්කාරයේ යෙදුණු පූජකයෙක් තමයි අමෂියා කියන්නේ. ආමොස් දෙවිගේ පණිවිඩය කිව්වම අමෂියා මේ වගේ දෙයක් කිව්වා. ‘ඔයා ඔයාගේ ගමට ගිහිල්ලා දේශනා කරන්න. අපිට ආගමක් තියෙනවා.’ (ආමො. 7:12, 13) ඒ විතරක් නෙවෙයි ඔහු ආමොස් කියූ පණිවිඩය යෙරොබොවම් රජුට විකෘති කරලා කිව්වේ ආමොස්ගේ සේවය නවත්වන්න හිතාගෙන. (ආමො. 7:7-11) නමුත් ආමොස් බය වුණේ නැහැ. අදත් සමහර පූජකයන් දෙවිගේ සෙනඟට පීඩා කරන්න දේශපාලන නායකයන්ගේ උදව් ලබාගන්නවා. ඒත් යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා ඔහුගේ සෙනඟට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වෙන්නේ නැහැයි කියලා.—යෙසා. 54:17.
3. අපේ පණිවිඩයට ඇතුළත් වෙන්නේ මොනවාද?
3 දෙවිගේ විනිශ්චය සහ අනාගත ආශීර්වාද ගැන කියන්න. ආමොස් ඔහුගේ පොතේ ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයට දෙවි ගෙනෙන විනිශ්චය ගැන විතරක් නෙවෙයි ඊශ්‍රායෙල්වරුන්ට ලැබෙන ආශීර්වාද ගැනත් සඳහන් කළා. (ආමො. 9:13-15) අපිත් අද “විනිශ්චය සිදු වන දවස” ගැන අනිත් අයට කියනවා. (2 පේතෘ. 3:7) මෙය අපි ප්‍රකාශ කරන පණිවිඩේ එක කොටසක් විතරයි. (මතෙ. 24:14) දෙවි දුෂ්ටයන්ව හර්–මගෙදොන් යුද්ධයේදී විනාශ කළාට පස්සේ මේ පොළොව පාරාදීසයක් කිරීමත් ඊට ඇතුළත් වෙනවා.—ගීතා. 37:34.
4. දෙවිගේ කැමැත්ත අපිට කරන්න පුළුවන් කියලා අපිට තියෙන නිසැකකම මොකක්ද?
4 විරුද්ධවාදිකම් මැද්දේ දේශනා කිරීමෙන් පෙන්වන්නේ අපි දෙවිට අයිති සෙනඟක් වගේම අපේ එකම අධිෂ්ඨානය දෙවිගේ කැමැත්ත කරන එක කියලයි. (යොහ. 15:19) මොන ප්‍රශ්න බාධක ආවත් දෙවිගේ කැමැත්ත කරන්න දෙවි ආමොස්ට උපකාර කළා වගේ අපිටත් උපකාර කරන බව ස්ථීරයි.—2 කොරි. 3:5.