අනාගතවක්තෘ හොෂෙයා අපිට ආදර්ශයක්!
1. අපිත් කල්පනා කරනවා ඇත්තේ මොකක් ගැනද?
1 යෙහෝවා දෙවිගේ යහපත්කම සහ දයාව ගැන හිතද්දී ‘දෙවි වෙනුවෙන් මට මොනවද කරන්න පුළුවන්’ කියලා ඔබ කල්පනා කර ඇති. (ගීතා. 103:2-4; 116:12) යෙහෝවා දෙවි වෙනුවෙන් තම ජීවිතේ පරිත්‍යාගයන් කළ කෙනෙක් තමයි හොෂෙයා. ඔහුගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
2. දිගටම යෙහෝවා දෙවිට සේවය කරන්න හොෂෙයා අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?
2 පීඩාකාරී කාලවලත් දේශනා කරමු: හොෂෙයා දේශනා කළේ ඊශ්‍රායෙලයේ දස ගෝත්‍ර රාජ්‍යයේ වැසියන්ටයි. ඒ වන විට ඔවුන් සැබෑ නමස්කාරයෙන් සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙලයි හිටියේ. පළමුවෙනි යෙරොබොවම් රජු මෙන් දෙවෙනි යෙරොබොවම් රජත් දෙවි පිළිකුල් කළ දේවල් කළා වගේම වසු නමස්කාරයෙත් යෙදුණා. (2 රාජා. 14:23, 24) යෙහෝවා දෙවි ක්‍රිස්තු පූර්ව 740දී දස ගෝත්‍ර රාජ්‍යය විනාශ කරන තුරු පාලනය කළ හැම රජ කෙනෙක්ම කළෙත් ඒ දෙයමයි. ඒ වගේ පිරිහුණු වාතාවරණයක් මැද පවා හොෂෙයා අවුරුදු 59ක්ම දෙවිට විශ්වාසවන්තව සේවය කළා. උදාසීන ප්‍රතිචාර හා පීඩා මැද පවා හොෂෙයා මෙන් දිගටම දෙවිට සේවය කරන්න ඔබත් සූදානම්ද?—2 තිමෝ. 4:2.
3. දෙවිගේ දයාව හොෂෙයාගේ ජීවිතෙන් පිළිබිඹු වෙන්නේ කොහොමද?
3 දෙවිගේ දයාව ගැන කියන්න: යෙහෝවා දෙවි හොෂෙයාට විවාහ කරගන්න කිවූ ස්ත්‍රිය පසු කාලයේදී දුරාචාරයේ යෙදුණා. (හොෂෙ. 1:2) හොෂෙයාගේ භාර්යාව වූ ගොමෙර් ඔහුට දාව පුත්රයෙක්ව වැදුවත් පෙනෙන විදිහට ඇගේ දුරාචාර ජීවිතේ නිසාත් ඇයට තවත් දරුවන් දෙදෙනෙක් ලැබුණා. ඒ වුණත් හොෂෙයා ඇයට දයාව පෙන්වමින් ඇයව නැවත භාරගත්තා. එයින් පිළිබිඹු කළේ මුරණ්ඩු ඊශ්‍රායෙල් ජාතිය පසුතැවිලි වූ විට දෙවි පෙන්වූ දයාවයි. (හොෂෙ. 3:1; රෝම 9:22-26) ඔබත් යෙහෝවා දෙවිගේ දයාව ගැන ඕනෑම කෙනෙක්ට කියන්න ඔබේ ආසාවන් හා රුචි අරුචිකම් දෙවෙනි තැනට දාන්න සූදානම්ද?—1 කොරි. 9:19-23.
4. යෙහෝවා දෙවි වෙනුවෙන් අපිට මොන වගේ පරිත්‍යාගයන්ද කරන්න පුළුවන්?
4 යෙහෝවා දෙවිට වැඩිපුර සේවය කරන්න සමහර අය හොඳ රැකියාවන් අත්හැර තිබෙනවා. තවත් සමහර අය අවිවාහකව හෝ දරුවන් නැතුව ඉන්න තීරණය කර තිබෙනවා. හොෂෙයා ගැන කල්පනා කරද්දී හොෂෙයා කළා වගේ දෙයක් ‘මට නම් කවදාවත් කරන්න බැහැ’ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවි අපිට පෙන්වූ දයාව අගය කරනවා නම් ඔහුගේ බලයේ උපකාරය ඉල්ලනවා නම් අපිට කවදාවත් කරන්න බැහැයි කියලා හිතුණ දේ පවා කරන්න, හොෂෙයාට වගේ දෙවි අපිටත් හැකියාව දෙනවා.—මතෙ. 19:26; ෆිලි. 2:13.