උනන්දුව අවදි කරන හැඳින්වීමක් සූදානම් වෙන්නේ කොහොමද?
1. උනන්දුව අවදි කරන හැඳින්වීමක් අවශ්‍ය වෙන්නේ ඇයි?
1 කෑමකින් හොඳ සුවඳක් එනවා නම් ඒ කෑම කන්න ආස හිතෙනවා. ඒ හා සමානව අපේ හැඳින්වීම උනන්දුව අවදි කරන එකක් නම් හොඳ සාකච්ඡාවක් පටන්ගන්න ඒක උදව් වෙනවා. හැඳින්වීමට යොදාගන්න කාලය සහ විෂයන් විවිධ වෙන්න පුළුවන්. නමුත් කෑමක් පිළියෙල කරන්න කලින් සූදානම් වෙන්න ඕනේ වගේ හොඳ හැඳින්වීමක් සඳහාත් කලින් සූදානම් වෙන්න ඕනේ. (හිතෝ. 15:28) හොඳ හැඳින්වීමකට ඇතුළත් වෙන දේවල් මොනවාද?
2. උනන්දුව ඇති කරන හැඳින්වීමක් සූදානම් වෙන්න අපිට පුළුවන් කොහොමද?
2 උනන්දුව ඇති කරන විෂයන් තෝරගන්න: අපි උනන්දුව ඇති කරන විෂයක් තෝරගත්තේ නැත්නම් ගෙහිමියා සාකච්ඡාවක් කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා සූදානම් වෙද්දී මිනිස්සු උනන්දු වෙන්නේ මොන දේවල් ගැනද කියලා කලින් හිතලා බලන්න. දේශපාලනය ගැනද, පවුල් ජීවිතය ගැනද, සාමය ගැනද, කියලා හිතන්න. මිනිස්සු තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න කැමති නිසා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පෙලඹීමක් ඇති වන විදිහේ ප්‍රශ්න අහන්න. අපේ ‘රාජ්‍ය සේවාවල’ දී තියෙන යෝජනා ඔබේ ප්‍රදේශයට ගැළපෙන විදිහට යොදාගන්නත් පවුලේ නමස්කාරයේදී ඒවා පුහුණු වෙන්නත් ඔබට පුළුවන්.
3. අපේ ප්‍රදේශයේ ඉන්න අයගේ සංස්කෘතිය හා පසුබිමට අනුව අපේ හැඳින්වීම සකස් කරගන්න පුළුවන් කොහොමද?
3 සංස්කෘතිය සහ පසුබිම ගැන සැලකිලිමත් වෙන්න: සමහරු කැමතියි අපි ආව කාරණය කෙළින්ම කියනවාට. ඒත් තවත් අය දැන හඳුන ගන්නේ නැතුව කතා කරන්න කැමති නැහැ. ඒ නිසා අපි ගැනත් ඔවුන් ගැනත් යම් විස්තර ටිකක් කතා කරන්න සිදු වෙනවා. සමහර අයගේ ආගමික පසුබිම නිසා අපේ පණිවිඩය බයිබලයෙන්ම පෙන්නලා කතා කරන්න ලේසියි. (ක්‍රියා 2:14-17) ඒත් ක්‍රිස්තියානි නොවන හෝ ආගමක් අදහන්නේ නැති කෙනෙකුට නම් මුල් හමු වීමේදී බයිබලය ගැන සඳහන් කරනවාට වඩා නැවත බැලීමේදී එසේ කිරීම සුදුසු විය හැකියි.—ක්‍රියා 17:22-31.
4. මුල් වචන ටික ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවාද?
4 මුලින්ම කියන දේ: මුලින්ම කියන වචන ටික කෙටි හා සරල වීම ඉතා වැදගත්. ඒ නිසා මොනවාද කියන්නේ කියලා කලින්ම සූදානම් වෙන්න. කියන විදිහත් වැදගත්. මිත්රශීලීව හා අවංක උනන්දුවකින් කතා කිරීමෙන් ගෙහිමියා ගැන සැලකිලිමත් කියලා පෙන්වන්න. මේ යෝජනා අදාළ කරගැනීමෙන් අපේ ප්‍රදේශයේ ඉන්න අය තුළත් ‘යෙහෝවා දෙවිගේ මේසයෙන්’ කෑම කන්න ආසාවක් ඇති කරන්න අපිට පුළුවන්.—1 කොරි. 10:21.