අනාගතවක්තෘ මීකා අපිට ආදර්ශයක්!
1. මීකා හිතන්න ඇත්තේ මොන ප්‍රශ්නයද? ඔහුගේ සේවය නිෂ්ඵල නොවුණේ ඇයි?
1 ‘මේ දුෂ්ට සමාජය විනාශ වෙන්නේ කවදාද’ කියලා ඔබ හිතනවාද? ඊශ්‍රායෙල් හා යූදා රාජ්‍යයන්වලට විරුද්ධව දෙවිගේ විනිශ්චය ප්‍රකාශ කළ මීකාත් එහෙම හිතන්න ඇති. නමුත් මීකාගේ සේවය නිෂ්ඵල වුණේ නැහැ. මොකද දෙවි පැවසූ දේ එලෙසම ඉටු වුණා. මීකාගේ ජීවිත කාලයේදීම එනම් ක්‍රි.පූ. 740දී සමාරිය විනාශ වුණා. (මීකා 1:6, 7) කාලයකට පසුව එනම් ක්‍රි.පූ. 607දී යූදා රාජ්‍යයේ අගනුවර වුණු යෙරුසලමත් විනාශ වුණා. (මීකා 3:12) දෙවිගේ දවස පැමිණෙන තුරු බලා සිටින අපිට මීකාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
2. දෙවිගේ දවස පැමිණෙන තුරු අපි ඉවසීමෙන් ඉන්න ඕන කොහොමද? ඒ ඇයි?
2 ඉවසීමෙන් ඉන්න: මීකා මෙහෙම කිව්වා. “මා බලාපොරොත්තු තබන්නේ යෙහෝවා දෙවි කෙරෙහිය. මට ගැලවීම දෙන දෙවි ක්‍රියා කරන තුරු මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.” (මීකා 7:7) මීකා ඉවසගෙන සිටියා කීමෙන් අදහස් වුණේ ඔහු මුකුත් නොකර සිටියා කියන එක නෙමෙයි. ඔහු වෙහෙස මහන්සි වී අනාගතවක්තෘවරයෙක් විදිහට තම පැවරුම ඉටු කළා. අපිත් දෙවිගේ දවස පැමිණෙන තුරු අපේ හැසිරීම ශුද්ධව තබාගෙන දෙවිට තිබෙන භක්තිය ක්‍රියාවලින් පිළිබිඹු කරන්න’ ඕනේ. (2 පේතෘ. 3:11, 12) හුඟදෙනෙකුට පසුතැවිලි වෙන්න අවස්ථාව ලැබෙන්නේ දෙවි ඉවසන නිසයි. (2 පේතෘ. 3:9) එමනිසා අනාගතවක්තෘවරුන් ඉවසූ ආකාරය ආදර්ශයට ගන්න කියලා බයිබලයේ තියෙන උපදෙස අපි අදාළ කරගන්න එක කොයි තරම් වැදගත්ද!—යාකො. 5:10.
3. දෙවිගෙන් නොකඩවාම බලය ඉල්ලන්න ඕන ඇයි?
3 යෙහෝවා දෙවිගෙන් බලය ඉල්ලන්න: මීකාට තිබුණේ අභියෝගාත්මක පැවරුමක්. ඒ නිසා මීකාට ඒ පැවරුම ඉටු කරන්න දෙවිගේ බලය ඕන වුණා. (මීකා 3:8) අපේ සේවය සාර්ථකව ඉටු කරන්න දෙවිගේ බලය අවශ්‍යයි කියලා දෙවි දන්නවා. දෙවිගේ ශක්තිය මත රඳා ඉන්න කියලා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. විඩාවට පත්ව සිටින අයව දෙවි ශක්තිමත් කරන නිසා දේවසේවකයන් හැටියට අපේ වගකීම් හරියාකාරව ඉටු කරන්න අපිට පුළුවන්. (ගීතා. 84:5, 7; යෙසා. 40:28-31) දෙවිට සේවය කරද්දී ඔහු ඔබව ශක්තිමත් කරන ආකාරය ඔබ පෞද්ගලිකව අද්දැක තිබෙනවාද? ඔබ නොකඩවාම දෙවිගෙන් බලය ඉල්ලා කන්නලව් කරනවාද?—ලූක් 11:13.
4. මීකා ජීවත් වුණු විදිහ අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?
4 මීකා මුල් තැන දුන්නේ දෙවිගේ කැමැත්ත කරන්නයි. අවට සිටි අය වැරදි දේවල් කළත් මීකා දෙවිට විශ්වාසවන්තව සිටියා. අපි ජීවත් වෙන්නෙත් ඒ වගේ සමාජයකයි. හැමදාම අපේ විශ්වාසවන්තකම සෝදිසියට ලක් වෙනවා. ඒ නිසා ‘සදහටම අපේ දෙවි වන යෙහෝවාගේ නාමය දරමින් ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වෙන්න’ හැම දවසකම අදිටන් කරගමු.—මීකා 4:5.