‘වෙබ් පත්‍රිකාව’ පාවිච්චි කරමු
‘අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ කියන පත්‍රිකාවේ අන්තිම පිටුවේ ප්‍රශ්න 3ක් තියෙනවා. සාක්ෂි දරන්න අවස්ථාවක් ලැබුණම ඒ තුනෙන් උත්තර දැනගන්න කැමති කොයි ප්‍රශ්නෙටද කියලා අහන්න. ඊටපස්සේ වෙබ් අඩවියේ, බයිබල් ඉගැන්වීම් > බයිබලයෙන් උත්තර කියන තැනට පිවිසෙන විදිහ පෙන්වන්න. එතනට පිවිසුණාම දේවරාජ්‍යය කියන්නේ මොකක්ද කියලත් දෙවියන්ගේ පාලනයෙන් කරන දේ ගැනත් දැනගන්න ඔහුට පුළුවන්.
මේ පත්‍රිකාව නිතරම ළඟ තියාගන්න. දේවරාජ්‍යය මගින් අනාගතයේදී කරන පුදුමාකාර දේවල් ගැන බයිබලයේ තියෙන දේ දන්වන්න ඒක අපිට උදව්වක්.