මාසයේ තේමාව: ‘දේශනා කරන්න. එම කාර්යයේ උද්යෝගයෙන් නිරත වන්න.’—2 තිමෝ. 4:2
උද්යෝගයෙන් සේවය කරන්න උදව් වෙන සිහිගැන්වීම්
විනාශයෙන් බේරෙන්න නම් උදාසීන නොවී උද්යෝගය පවත්වගන්න ඕනේ. ඒ සඳහා පහළ තියෙන යෝජනා උදව් වෙයි.
දේවරාජ්‍යය පැමිණෙන්න කියලා දිගටම යාච්ඤා කරන්න.—මතෙ. 6:10.
හිත ආරක්ෂා කරගන්න හැමදාම බයිබලය කියවන්න.—හෙබ්‍රෙ. 3:12.
කාලය නැණවත්ව පාවිච්චි කරන්න.—එෆී. 5:15, 16; ෆිලි. 1:10.
මේ ලෝකයේ දේවලට ආශා නොවී දේවරාජ්‍යයට මුල් තැන දීමට ජීවිතය සරල කරගන්න.—මතෙ. 6:22, 25; 2 තිමෝ. 4:10.
බයිබල් අනාවැකි ඉටු වෙන විදිහ ගැන හොඳ අවධානයකින් ඉන්න.—මාක් 13:35-37.
ඉතුරු වෙලා තියෙන කෙටි කාලයේදී උදාසීන නොවී උද්යෝගය පවත්වගමු. එතකොට අස්වැන්න නෙළීම ඉවර වෙන තුරු ඒ කාර්යයේ උනන්දුවෙන් හවුල් වෙන්න අපි පෙලඹෙයි.—යොහ. 4:34, 35.