සේවයේ දක්ෂ වීමට කේන්ති ගිය නිවැසියෙක්ට කාරුණික වෙන්න
ඒක වැදගත් ඇයි? අපිට හම්බවෙන ගොඩක් අය ආචාරශීලීයි. ඒත් සමහරු අපිට වෛර කරයි කියලා යේසුස් කිව්වා. (යොහ. 17:14) ඒ නිසා කේන්තියෙන් ඉන්න නිවැසියෙක්ව මුණගැහුණොත් යෙහෝවා දෙවිව නියෝජනය කරන අය හැටියට අපි ප්රතිචාරය දක්වන්න ඕන ඔහුව සතුටු වෙන විදිහටයි. (රෝම 12:17-21; 1 පේතෘ. 3:15) එතකොට තත්වය දුර දිග යන එක වළක්වගන්න පුළුවන්. නිවැසියාටත් සිද්ධිය දකින අයටත් ඒක සාක්ෂියක් වෙන නිසා ඊළඟ වතාවේදී අපිට සවන් දෙන්න ඒ අය පෙලඹෙන්න ඉඩ තියෙනවා.—2 කොරි. 6:3.
මාසය තුළ මෙය අත්හදා බලන්න
පවුලේ නමස්කාරය වෙලාවේදී පුහුණු වෙන්න.
කේන්ති ගිය නිවැසියාගේ ගෙදරින් පිට වුණාට පස්සේ ඊට වඩා හොඳින් ප්රතිචාරය දක්වන්න පුළුවන් විදිහ ගැන සහායකයා එක්ක සාකච්ඡා කරන්න.