යහපත් ක්‍රිස්තියානීන් වෙමු
උත්තර දෙන්න ඉගෙනගමු
හොඳ උත්තරවලින් සභාවේ හැමෝම දිරිගැන්වෙනවා. (රෝම 14:19) උත්තර දෙන කෙනාටත් ප්‍රයෝජන ලැබෙනවා. (හිතෝ 15:23, 28) ඒ නිසා අපි හැම රැස්වීමකදිම එක උත්තරයක්වත් දෙන්න උත්සාහ කරන්න ඕනේ. අපි අත උස්සන හැම වතාවෙම අපෙන් උත්තර අහන එකක් නැහැ. ඒ නිසා උත්තර කීපයක්ම ලෑස්ති වෙලා යන එක හොඳයි.
හොඳ උත්තරයක් මේ වගෙයි
සරලයි, පැහැදිලියි, කෙටියි. හුඟක් වෙලාවට තත්පර 30කින් හරි ඊට අඩු වෙලාවකින් හරි දෙන්න පුළුවන්
තමන්ගෙම වචනයෙන් උත්තර දෙනවා
වෙන කෙනෙක් දීපු උත්තරයක් ආයෙ කියන්නේ නැහැ
මුලින්ම ඔයාගෙන් ඇහුවොත් මෙහෙම කරන්න
ප්‍රශ්නෙට අදාළ උත්තරේ සරලව, කෙටියෙන් කියන්න
මුල් උත්තරේ කෙනෙක් දුන්නට පස්සේ මෙහෙම කරන්න
ඒකට බයිබල් පදයක් සම්බන්ධ වෙන විදිහ කියන්න
ඒ කාරණය අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියලා කියන්න
අනිත් අයට උදව් කරන්න ඒ තොරතුරු යොදාගන්න පුළුවන් කොහොමද කියලා කියන්න
ප්‍රධාන කරුණක් කැපීපෙනෙන විදිහට අද්දැකීමක් කෙටියෙන් කියන්න