ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 3 11 පි.
  • කීකරු අයට දෙවියන් ආශීර්වාද කරනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කීකරු අයට දෙවියන් ආශීර්වාද කරනවා
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • 1. ඥානවන්තව කටයුතු කරන්න පුළුවන් වෙනවා
  • 2. සතුටින් ඉන්න පුළුවන් වෙනවා
  • දෙවියන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
  • ‘දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන දේ’
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • කීකරු වෙන්න ඔයා ලෑස්තිද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 3 11 පි.
පවුලක් සතුටින් එකට කාලය ගත කරනවා. අම්මා එක දුවෙක් එක්ක කුස්සියේ කෑමක් හදනවා. තාත්තා සාලේ ඉඳන් අනිත් දුවත් එක්ක ෆොටෝ ඇල්බම් එකක් බලනවා.

දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙනවා නම් අපිට නියම සතුට අද්දකින්න පුළුවන්

කීකරු අයට දෙවියන් ආශීර්වාද කරනවා

එක අවස්ථාවක අනාගතවක්තෘ මෝසෙස් කිව්වා අපි දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙනවා නම් දෙවියන්ගේ ආශීර්වාද ලබන්න අපිට පුළුවන් කියලා. (ද්විතීය කතාව 10:13; 11:27) අපි දෙවියන්ට කීකරු වෙන්නේ ඔහුට තියෙන ආදරේ නිසා මිසක් දඬුවම් ලබන්න තියෙන බය නිසා නෙවෙයි. දෙවියන්ගේ ලස්සන ගුණාංග ගැන හිතන තරමට අපේ හිතේ ඔහු ගැන තියෙන ආදරය තවත් වැඩි වෙනවා. ඒ නිසා ඔහුව දුකට පත් කරන දෙයක් කරන්න අපි පොඩ්ඩක්වත් කැමති නැහැ. ශුද්ධ ලියවිල්ලෙත් කියනවා “දෙවිට ප්‍රේම කරනවා කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය” කියලා.—1 යොහන් 5:3.

දෙවියන්ට කීකරු වෙන එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද? ඒවායින් දෙකක් ගැන දැන් අපි බලමු.

1. ඥානවන්තව කටයුතු කරන්න පුළුවන් වෙනවා

“මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.”—යෙසායා 48:17.

යෙහෝවා දෙවියන් අපේ නිර්මාතෘ නිසා ඔහු අපි ගැන හොඳින්ම දන්නවා. ඒ වගේම ඔහු අපිට ඕන කරන මඟ පෙන්වීම් ලබා දෙනවා. හැබැයි ඒ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන අරන් ඥානවන්තව කටයුතු කරන්න නම් අපි කරන්න ඕන මොනවාද? ශුද්ධ ලියවිල්ලෙන් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේවල් ගැන හොයලා බලලා ඒවා අදාළ කරගන්න ඕනේ.

2. සතුටින් ඉන්න පුළුවන් වෙනවා

“ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අයයි.”—ලූක් 11:28.

දෙවියන් කියන දේවල් පිළිපදින නිසා ලෝකේ පුරා ඉන්න මිලියන ගණන් දෙනෙක් නියම සතුට අද්දකිනවා. ස්පාඤ්ඤයේ ඉන්න කෙනෙක්ගේ අද්දැකීම බලන්න. ඉස්සර එයා පොඩි දේටත් කේන්ති ගත්ත, බිරිඳටත් අනිත් අයටත් නපුරු විදිහට සලකපු කෙනෙක්. දවසක් එයා යාකොබ්ගේ පුතා වුණු යෝසෙප් ගැන මෝසෙස්ගේ ලියවිලිවල තිබුණු තොරතුරු කියෙව්වා. යෝසෙප්ව වහලෙක් විදිහට විකුණලා තිබුණා. සාධාරණ හේතුවක් නැතුව හිරේ දාලත් තිබුණා. ඒත් එයා දිගටම සාමකාමීව කටයුතු කළා. අනිත් අයට සමාව දුන්නා. (උත්පත්ති 37-45 පරිච්ඡේද) ස්පාඤ්ඤයේ ඉන්න ඒ කෙනා මෙහෙම කියනවා. “මෘදුකම, කරුණාවන්තකම, තමාව පාලනය කරගන්න එක වගේ ගුණාංග වර්ධනය කරගන්න යෝසෙප්ගේ ආදර්ශය මට උදව් වුණා. දැන් මං ඉන්නේ හරිම සතුටින්.”

අපි අනිත් අයට සලකන්න ඕන විදිහ ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න