යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘අපේ නමස්කාර මධ්‍යස්ථානය ආදරෙන් රැකබලා ගමු’
අපේ නමස්කාර මධ්‍යස්ථාන නිකම්ම නිකම් ගොඩනැඟිලි නෙවෙයි. යෙහෝවා දෙවිට නමස්කාර කරන්න ඒවා කැප කරලයි තියෙන්නේ. නමස්කාර මධ්‍යස්ථානය හොඳින් බලාගන්න අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් මොනවද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර සලකලා බලන්න.
නමස්කාර මධ්‍යස්ථානවලින් ඉටු වෙන්නේ මොන අරමුණුද?
නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදුව තියාගන්න එකත් ඒක හොඳින් නඩත්තු කරන එකත් වැදගත් වෙන්නේ ඇයි?
නමස්කාර මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු බලා කියා ගන්නේ කවුද?
ආරක්ෂාව ගැන හිතන එක වැදගත් ඇයි? ඒ ගැන ඔයා වීඩියෝ එකෙන් දැක්කේ මොනවද?
සම්මාදම් දෙන එකෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න අපිට පුළුවන් කොහොමද?