යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙවි ප්‍රිය කරන ගුණාංගයක් නිහතමානිකම
නිහතමානිකම අත්‍යවශ්‍ය ඇයි?
දෙවිගේ යාළුවෙක් වෙන්න පුළුවන්.—ගීතා 138:6
අනිත් අයත් එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න පුළුවන්.—ෆිලි 2:3, 4
උඩඟුකම විනාශයට මඟ පාදනවා.—හිතෝ 16:18; එස 28:17
ඒක ඇති කරගන්නේ කොහොමද?
ඔයාට දියුණු වෙන්න පුළුවන් පැති ගැන අනිත් අයගෙන් අහලා ඒවා අදාළ කරගන්න.—ගීතා 141:5; හිතෝ 19:20
අනිත් අය වෙනුවෙන් ඕනෙම සේවයක් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න.—මතෙ 20:25-27
ඔයාගේ හැකියාවන් ගැන, වරප්‍රසාද ගැන ලොකුවට හිතලා උඩඟු වෙන්න එපා.—රෝම 12:3
දැනට වඩා නිහතමානීව වැඩ කරන්න මට පුළුවන් කොහොමද?
‘දෙවිට ළැදිව ඉන්න බාධා වෙන දේවල් - උඩඟුකම’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න.
උපදෙසක් ලැබුණාම අපි කටයුතු කරන විදිහෙන් අපි ගැන හෙළි වෙන්නේ මොනවාද?
නිහතමානිකම වර්ධනය කරගන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?
නිහතමානීව කටයුතු කරන්න පුළුවන් අවස්ථා මොනවාද?