ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 3 14-15 පි.
  • අපේ නිර්මාතෘගෙන් හැමදාටම ආශීර්වාද ලබන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ නිර්මාතෘගෙන් හැමදාටම ආශීර්වාද ලබන්න
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • යේසුස් කළ ප්‍රාතිහාර්යයන්වලින් ඔබට කුමක් ඉගෙනගත හැකිද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කරපු ආශ්චර්යයන්වල සැඟවුණු පාඩම්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඔහු මිනිසුන්ට ආදරේ කළා
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රාතිහාර්ය සැබෑවක්ද? මිථ්‍යාවක්ද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 3 14-15 පි.
විවිධ පසුබිම්වලට අයිති මිනිසුන් පාරාදීස පොළොවේ සතුටින් එකිනෙකාව ආශ්‍රය කරනවා.

“අපේ දෙවි අපට ආශීර්වාද කරන්නේය. එබැවින් භූමිය බොහෝ පල දරනු ඇත.”—ගීතාවලිය 67:6

අපේ නිර්මාතෘගෙන් හැමදාටම ආශීර්වාද ලබන්න

දෙවියන් අනාගතවක්තෘ ආබ්‍රහම්ට පොරොන්දු වුණා එයාගෙන් පැවතෙන තැනැත්තෙක් මාර්ගයෙන් ‘පොළොවේ සියලු ජාතීන් ආශීර්වාද ලබනවා’ කියලා. (උත්පත්ති 22:18) ඒ පැවතෙන තැනැත්තා කවුද?

ඒ තමයි යේසුස්. මීට අවුරුදු 2,000කට විතර කලින් දෙවියන් ආශ්චර්යයන් කරන්න යේසුස්ට බලය දුන්නා. ඒ ආශ්චර්යයන්වලින් පැහැදිලි වුණා දෙවියන් ආබ්‍රහම්ට පොරොන්දු වුණු විදිහට සියලු ජාතීන් ආශීර්වාද ලබන්න යන්නේ යේසුස් මාර්ගයෙන් කියලා.—ගලාති 3:14.

මිනිසුන්ට ආශීර්වාද ලබා දෙන්න දෙවියන් තෝරගෙන තියෙන්නේ යේසුස් කියලත් දෙවියන් යේසුස්ව යොදාගෙන මිනිසුන්ට හැමදාටම ආශීර්වාද කරන්නේ කොහොමද කියලත් යේසුස් කරපු ආශ්චර්යයන්වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම යේසුස්ට තිබුණු ලස්සන ගුණාංග ගැනත් ඒ ආශ්චර්යයන්වලින් දැනගන්න පුළුවන්. දැන් අපි ඒ අතරින් කිහිපයක් බලමු.

ආදරය - යේසුස් අසනීප අයව සුව කළා.

දවසක් ලාදුරු රෝගියෙක් යේසුස් ළඟට ඇවිත් එයාව සුව කරන්න කියලා බැගෑපත්ව ඉල්ලුවා. ඒ වෙලාවෙම යේසුස් එයාව අල්ලලා, ලාදුරු රෝගය සම්පූර්ණයෙන්ම සුව කළා.—මාක් 1:40-42.

ත්‍යාගශීලීකම - යේසුස් බඩගින්නේ හිටපු අයට කන්න දුන්නා.

අනිත් අය බඩගින්නේ ඉන්නවාට යේසුස් කැමති වුණේ නැහැ. අවස්ථා කිහිපයකදීම රොටි සහ මාළු සුළු ප්‍රමාණයකින් යේසුස් ආශ්චර්යවත් විදිහට දහස් ගාණකට කන්න දුන්නා. (මතෙව් 14:17-21; 15:32-38) හැමෝම ඇති තරම් කෑවාට පස්සේ කෑම ඉතුරුත් වුණා.

දයානුකම්පාව - යේසුස් මැරුණු අයට ආපහු ජීවිතය දුන්නා.

තමන්ව බලාගන්න හිටිය එකම පුතාත් මිය ගිය නිසා වේදනාවෙන් හිටිය වැන්දඹුවක්ව දැකලා “අනුකම්පාවෙන්” පෙලඹුණු යේසුස් ඒ පුතාට ආපහු ජීවිතය දුන්නා.—ලූක් 7:12-15.

පොළොවේ හැමදාටම ආශීර්වාද අද්දකින්න

අනාගතයේදී මිනිසුන්ට ආශීර්වාද කරන්න දෙවියන්ට බලය තියෙනවා කියලා යේසුස් දැනටමත් ඔප්පු කරලා තියෙනවා. ළඟදීම සියලු බලැති දෙවියන් තමන් පොරොන්දු වුණු විදිහටම යේසුස්ව යොදාගෙන බලවත් ආශ්චර්යයන් මුළු පොළොව පුරාම කරන්න යනවා.

දෙවියන් ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව ඉටු වෙද්දී මේ පොළොවේ ජීවත් වෙන අපිට මොන වගේ ආශීර්වාද අද්දකින්න ලැබෙයිද? දෙවියන්ට ආදරය, ගෞරවය පෙන්වන අය ‘පොළොව උරුම කරගන්නෝය. ඒ අය දසත පැතිරී තිබෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වන්නෝය.’ (ගීතාවලිය 37:11) ‘මරණය තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.’—එළිදරව් 21:4.

මේ පොළොවේ හැමදාටම සාමයෙන් ජීවත් වෙන්න ලැබෙන එක මොන තරම් ආශීර්වාදයක්ද! යේසුස් මේ පොළොව පාලනය කරන කාලේදී දෙවියන් ලබා දෙන්න යන තවත් ආශීර්වාද ගැන දැනගන්න www.pr418.com/si වෙබ් අඩවිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න