ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 දෙසැම්බර් 7 පි.
  • සැබෑ ආදරය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ ආදරය
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්
    2018 පිබිදෙව්!
  • ඔබගේ විවාහයට කදිම අත්තිවාරමක් දැමීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • ඔයාගේ විවාහය රැකගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 දෙසැම්බර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘සැබෑ ආදරය’

යෙහෝවා දෙවි විවාහ සැලැස්ම ඇති කරද්දී ඔහුට ඕන වුණේ සැමියාත් බිරිඳත් හැමදාටම සතුටින් ඉන්නවා දකින්නයි. (උත් 2:22-24) දික්කසාද වෙන්න අවසර තියෙන්නේ සැමියා හරි බිරිඳ හරි අනාචාරයේ යෙදුණොත් විතරයි. (මලා 2:16; මතෙ 19:9) තමන් විවාහ වෙන්නේ කාවද කියලා හොඳට හිතලා බලලා තීරණයක් ගන්නත් සතුටින් විවාහ ජීවිතය ගෙවන්නත් උදව් වෙන ප්‍රතිපත්ති දෙවි දීලා තියෙනවා.—දේශ 5:4-6.

‘සැබෑ ආදරය’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න:

  • ෆ්‍රෑන්ක් එයාගේ දුවත් එක්ක කතා කරමින්

    ෆ්‍රෑන්ක් සහ බොනී එයාලගේ දුවට ආදරෙන් වගේම බුද්ධිමත් විදිහට උපදෙස් දුන්නා කියලා කියන්න පුළුවන් ඇයි?

  • ආදර සම්බන්ධයක් පවත්වද්දී ඔයා ඇසුරු කරන කෙනාව වෙනස් කරන්න ඔයාට පුළුවන් කියලා හිතන එක අනුවණ දෙයක් වෙන්නේ ඇයි?

  • පෝල් සහ ප්‍රිසිලා ලිස්ට දීපු උපදෙස මොකක්ද?

  • සැක් සහ මේගන් රැස්වීම් ශාලාවේදී

    සැක් සහ මේගන්ගේ විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇති වුණේ ඇයි?

  • ලිස් සහ ජෝන් රැස්වීම් ශාලාවේදී

    ජෝන්ටත් ලිස්ටත් තිබුණේ මොන වගේ ඉලක්කද?

  • කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා තීරණය කරන්න කලින් ඒ කෙනා ‘ඇතුළාන්තයෙන්’ මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්න එක වැදගත් ඇයි? (1පේතෘ 3:4)

  • සැබෑ ආදරය කියන්නේ මොකක්ද? (1කොරි 13:4-8)

ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න කලිනුත් සම්බන්ධය පවත්වද්දීත් හිතන්න ඕන තවත් පැති ගැන දැනගන්න පුළුවන් කොහෙන්ද?

  • JW බ්‍රෝඩ්කාස්ටිං එකේ ‘විවාහයට සූදානම් වීම’ කියන වීඩියෝ මාලාව

  • ‘සැබෑ ආදරය අඳුනගන්නේ කොහොමද?’ කියන JW.ORG වීඩියෝ එක

  • ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්,’ 1වන පොත සහ 2වන පොත

  • ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ (“පවුල් ජීවිතය” විෂය යටතේ “ප්‍රේම සබඳතා සහ විවාහ වීමේ අරමුණින් කරන ඇසුර” බලන්න.)

විවාහ වුණු අයට ප්‍රයෝජනවත් වෙන උපදෙස් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

  • JW.ORG ලිපි (බයිබල් ඉගැන්වීම් > පවුලේ අයට උපකාරය යටතේ බලන්න.)

  • ‘ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!’ සඟරාව

  • ‘පවුලේ සන්තෝෂයට රහස’ පොත

  • ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ (“පවුල් ජීවිතය” විෂය යටතේ “විවාහය” බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න