ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 පෙබරවාරි 7 පි.
  • සේවයේ දක්ෂ වීමට - ප්‍රශ්න අහන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - ප්‍රශ්න අහන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • බලපෑමෙන් යුතුව ප්‍රශ්න යොදාගැනීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ඉගැන්වීමේ කලාව වර්ධනය කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • ශුභාරංචිය දේශනා කිරීමේදී සාර්ථක වෙන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ප්‍රශ්න පාවිච්චි කිරීම
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 පෙබරවාරි 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - ප්‍රශ්න අහන්න

ඒක වැදගත් ඇයි? කෙනෙක්ගේ හිතේ තියෙන සිතුවිලි “ගැඹුරු ජලය” වගේ. (හිතෝ 20:5) එයාගෙන් අහන ප්‍රශ්න ඒ ජලය එළියට ඇදගන්න උදව් වෙන බාල්දියක් වගේ. කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහද්දී එයාව සාකච්ඡාවට හවුල් කරගන්න පුළුවන්. ඒකෙන් එයාගේ හිතේ තියෙන දේත් එළියට එනවා. යේසුස් දක්ෂ විදිහට ප්‍රශ්න ඇහුවා. අපි ඔහුව ආදර්ශයට ගන්න ඕනේ.

යේසුස් ගෝලයෙක්ගෙන් ප්‍රශ්නයක් අසමින්

ඒක කරන්නේ කොහොමද?

  • හිතන විදිහ දැනගන්න ප්‍රශ්න අහන්න. ගෝලයන්ගේ හිතේ තිබුණු දේවල් දැනගන්න යේසුස් ප්‍රශ්න ඇහුවා. (මතෙ 16:13-16; be 238 4-6¶) කෙනෙක්ගේ හිතේ තියෙන දේ දැනගන්න අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?

  • හරි අවබෝධය ලබා දෙන්න උදව් වෙන ප්‍රශ්න අහන්න. පේතෘස්ට හරි විදිහට හිතන්න උදව් කරන්න යේසුස් එයාගෙන් ප්‍රශ්න කිහිපයක්ම ඇහුවා. (මතෙ 17:24-26) කෙනෙක්ට හරි දේ තේරුම්ගන්න උදව් කරන්න ඔයාට අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද?

  • දීපු උත්තරය අගය කරන්න. නීතිය පිටපත් කරන කෙනෙක් බුද්ධිමත්ව උත්තර දුන්නාම යේසුස් එයාව අගය කළා. (මාක් 12:34) ඔයා අහන ප්‍රශ්නයකට කෙනෙක් උත්තර දුන්නාම එයාව අගය කරන්න පුළුවන් කොහොමද?

ගරු කරන්න. වැඩිහිටි අයට, අඳුරන්නේ නැති අයට, නිලතල දරන අයට අපි ගරු කරන්න ඕනේ.—1පේතෘ 2:17.

‘යේසුස් කළා වගේ කරන්න—උගන්වන්න’ කියන වීඩියෝ එකේ පළවෙනි කොටස පෙන්වලා මේ ප්‍රශ්න අහන්න.

  • උගන්වපු තොරතුරු හරි වුණත් උගන්වපු විදිහ වැරදියි කියලා කියන්නේ ඇයි?

  • නිකම්ම තොරතුරු පැහැදිලි කරනවාට වඩා වැඩි දෙයක් අපි කරන්න ඕනෙ ඇයි?

වීඩියෝ එකේ දෙවෙනි කොටස පෙන්වලා මේ ප්‍රශ්න අහන්න.

  • ඒ සහෝදරයා දක්ෂ විදිහට ප්‍රශ්න ඇහුවේ කොහොමද?

  • එයා උගන්වපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තවත් දේවල් මොනවාද?

පැහැදිලිව උගන්වන්නේ නැති නිසා තොරතුරු තේරුම්ගන්න බැරිව ඉන්න කෙනෙක්; පැහැදිලිව උගන්වද්දී තොරතුරු හොඳින් තේරුම්ගන්න කෙනෙක්

අපි උගන්වන විදිහෙන් ශිෂ්‍යයාගේ හිතට දැනෙන්න ඕනෙ මොකක්ද? (ලූක් 24:32)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න