යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි’
දුවේ, පුතේ, ඔයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා ඉස්කෝලේ යාළුවන්ට, ගුරුවරුන්ට කියන්න ඔයාට බයක් දැනෙනවාද? එයාලට දෙවි ගැන කියන්න බයක් දැනෙනවාද? එහෙනම් “නිර්භීතව” එයාලට සත්‍යය ගැන කතා කරන්න ඔයාට පුළුවන් කොහොමද? (1තෙස 2:2) ඔයා ඒ දේ කරන්න ඕනෙ ඇයි? ‘බය වෙන්න එපා යෙහෝවා දෙවි ඔයා ළඟමයි’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
නිර්භීතව දෙවි ගැන කතා කරන්න නෙත්මිට උදව් වුණේ මොකක්ද?
කතා කරන විදිහ කලින්ම පුරුදු වුණ එක නෙත්මිට උදව් වුණේ කොහොමද?
ඉස්කෝලේ යාළුවන්ට ඔයා දෙවි ගැන කියන්න ඕනෙ ඇයි?
ඔයා ඉස්කෝලේ ගිහින් ඉවර වුණ කෙනෙක් වුණත් මේ වීඩියෝ එකෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?