ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අගෝස්තු 8 පි.
  • සේවයේ දක්ෂ වීමට - JW.ORG වෙබ් අඩවියට හොඳින් හුරු වෙමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයේ දක්ෂ වීමට - JW.ORG වෙබ් අඩවියට හොඳින් හුරු වෙමු
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මඟ පෙන්වීම් හොයාගන්න කියාපු තැනක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්නේ කොහෙන්ද?
    අපේ ප්රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ ගැන හිතලා තිබුණාද?
    2019 පිබිදෙව්!
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අගෝස්තු 8 පි.
සහෝදරයෙක් කන්ටැක්ට් කාඩ් එක පාවිච්චි කරලා අපේ වෙබ් අඩවිය ගැන හඳුන්වා දෙමින්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - JW.ORG වෙබ් අඩවියට හොඳින් හුරු වෙමු

ඒක වැදගත් ඇයි? ඉගැන්වීම් කට්ටලයේ තියෙන හැම ප්‍රකාශනයකම වෙබ් අඩවිය ගැන සඳහන් වෙනවා. කන්ටැක්ට් කාඩ් එකේ සහ ‘අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ කියන පත්‍රිකාවේ අරමුණ අපේ වෙබ් අඩවිය හඳුන්වලා දෙන එකයි. වෙබ් අඩවියට ගිහින් ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනයක් ඊමේල් කරන්නත් ඒකේ ලින්ක් එක ෂෙයා කරන්නත් පුළුවන්. වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට දේශනා කරන්න ඒ ක්‍රම ඔයාට උදව් වෙයි. සමහරු අහන ප්‍රශ්නවලට උත්තර අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන ප්‍රකාශනවල නැතත් අපේ වෙබ් අඩවියෙන් හොයාගන්න පුළුවන්. වෙබ් අඩවියට හොඳින් හුරු වුණොත් සේවය වඩාත් දක්ෂ විදිහට කරන්න අපිට පුළුවන්.

ඒක කරන්නේ කොහොමද?

  • කන්ටැක්ට් කාඩ් එක බලලා වෙබ් අඩවියට පිවිසෙන කෙනෙක්

    “බයිබල් ඉගැන්වීම්” කියන අංගය පාවිච්චි කරන්න. දරුවන්ව හදා වඩා ගන්න උදව් වෙන තොරතුරු දැනගන්න කැමති කෙනෙක්ව මුණගැහුණොත් බයිබල් ඉගැන්වීම් > විවාහය සහ පවුල් ජීවිතය යටතේ බලන්න.

  • “ප්‍රකාශන” කියන අංගය පාවිච්චි කරන්න. පන්තියේ යාළුවෙක්ට ‘යොවුන් සිතේ ගැටලු 10කට උත්තර’ කියන සඟරාව පෙන්වන්න ඕන වුණොත් ප්‍රකාශන > පොත් සහ සඟරා යටතේ බලන්න.

  • “අපි ගැන” කියන අංගය පාවිච්චි කරන්න. රස්සාව කරන තැන ඉන්න කෙනෙක් අපේ විශ්වාසයන් ගැන ඇහුවොත් අපි ගැන > නිතර අසන ප්‍රශ්න යටතේ බලන්න.

‘JW.ORG වෙබ් අඩවියට හොඳින් හුරු වෙමු’ කියන වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ එක් එක් අයට උදව් කරන්න වෙබ් අඩවියෙන් තොරතුරු හොයාගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න.

  • දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති කෙනෙක්

  • මෑතකදී බරපතළ විපතකට මුහුණ දීපු කෙනෙක්

  • අක්‍රියාශීලී සහෝදරයෙක් නැත්නම් අක්‍රියාශීලී සහෝදරියක්

  • අපේ වැඩකටයුතුවලට මුදල් ලැබෙන විදිහ ගැන දැනගන්න උනන්දු වෙන කෙනෙක්

  • තමන්ගේ රටේ රැස්වීම්වලට යන්න පුළුවන් කොහොමද කියලා අහන විදේශිකයෙක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න