දේවවචනය නිධානයක් | ක්‍රියා 4-5
දෙවි පැවසූ දේවල් ගැන එයාලා නිර්භීතව කතා කළා
දක්ෂ ගුරුවරුන් වෙන්න නියෝජිතයන්ට පුළුවන් වුණේ කොහොමද? නිර්භීතව, ස්ථිර විශ්වාසයකින් කතා කරන්න එයාලට උදව් වුණේ මොකක්ද? එයාලා උතුම් ගුරුවරයා වන ‘යේසුස්ව ඇසුරු කරපු’ නිසා ඔහුගෙන් හුඟක් දේවල් ඉගෙනගෙන තිබුණා. (ක්‍රියා 4:13) දක්ෂ බයිබල් ගුරුවරුන් වෙන්න යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?