ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 පෙබරවාරි 8 පි.
  • දිගටම විඳදරාගනිමින් මහත් ආශාවකින් බලා සිටින්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම විඳදරාගනිමින් මහත් ආශාවකින් බලා සිටින්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • කිසිම දෙයක් නිසා තෑග්ග අහිමි කරගන්න එපා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “විඳදරාගැනීමෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වෙයි”
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විඳදරා ගැනීම—ක්‍රිස්තියානින් හට අත්‍යවශ්‍ය ය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන්ගේ සංවිධානයත් එක්ක ඉන්න
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 පෙබරවාරි 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දිගටම විඳදරාගනිමින් මහත් ආශාවකින් බලා සිටින්න

දේවරාජ්‍යය එන කල් ඔයා කොයි තරම් කාලයක් බලන් ඉඳලා තියෙනවාද? පීඩා දුෂ්කරතා මැද වුණත් දිගටම විඳදරාගනිමින් ඉන්නවාද? (රෝම 8:25) සමහර සහෝදරයන් විරුද්ධවාදිකම්, හිංසා පීඩා, සිරදඬුවම්, මරණ තර්ජනවලට පවා මුහුණ දෙනවා. තවත් අය බරපතළ අසනීප, මහලු විය නිසා දුක් විඳිනවා.

ඕනෑම පීඩාවක් මැද වුණත් දෙවියන් දීලා තියෙන පොරොන්දුව ගැන බලාපොරොත්තුවෙන් ඉන්න පුළුවන් කොහොමද? හැම දවසකම බයිබලය කියවලා ඒ තොරතුරු ගැන හොඳට හිතන්න. බලාපොරොත්තුව නිතරම මනසේ තියාගන්න. (2කොරි 4:16-18; හෙබ්‍රෙ 12:2) දෙවියන්ගේ බලය ඉල්ලලා දිගටම කන්නලව් කරන්න. (ලූක් 11:10, 13; හෙබ්‍රෙ 5:7) එතකොට ‘ඕනෑම දෙයක් සාර්ථකව විඳදරාගන්නත් ප්‍රීතිය රැකගෙන ඉවසිලිවන්තව කටයුතු කරන්නත්’ අපේ ආදරණීය පියාණන් අපිට උදව් කරයි.—කොලො 1:11.

‘අපි විඳදරාගනිමින් දුවන්න ඕනේ - තෑග්ග ලබාගන්නවාමයි කියන විශ්වාසයෙන් ඉන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • රෙක්ස් සහ එයාගේ බිරිඳ සේවයේ හවුල් වෙමින්

    ‘බලාපොරොත්තු නොවෙන’ විදිහට අපිට මුහුණ දෙන්න වෙන සමහර දේවල් මොනවාද? (දේශ 9:11)

  • රෙක්ස්ට ස්ට්‍රෝක් එක හැදුණාට පස්සේ කාල් එයාට බයිබල් පදයක් පෙන්වමින්

    දුක් පීඩාවලට මුහුණ දෙන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද?

  • රෙක්ස් සහ කාල් යුවළකට එඬේර බැහැදැකීමක් කරමින්

    කලින් කරපු තරම් සේවයක් කරන්න බැරි නම් දැන් ඔයාට කරන්න පුළුවන් දේවලට අවධානය දෙන එක වැදගත් වෙන්නේ ඇයි?

  • පාරාදීසයේදී තමන්ට සුවය ලැබෙන කාලය ගැන රෙක්ස් කල්පනා කරමින්

    තෑග්ග දිහාම බලාගෙන ඉන්න

    තෑග්ග ලබාගන්නවාමයි කියන නිසැකකම ඇතුව ඉන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද?

දුක් පීඩා අද්දකින අයටත් එයාලගේ පවුල්වල අයටත් උදව් කරන්න පුළුවන් කොහොමද?

  • ආදරෙන් කතා කරන්න. එයාලව අනිත් අය එක්ක සසඳන්න එපා

  • හොඳින් ඇහුම්කන් දෙන්න

  • එයාලා වෙනුවෙනුත් එයාලා එක්කත් යාච්ඤා කරන්න

  • කෑම වේලක් හදලා දෙන්න. ගෙදර වැඩවලට උදව් කරන්න

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න