ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අප්‍රියෙල් 4-5 පි.
  • සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • B12-A යේසුස් පොළොවේ ගත කරපු අන්තිම සතිය (1 කොටස)
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • B12-B යේසුස් පොළොවේ ගත කරපු අන්තිම සතිය (2 කොටස)
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • 2023 සිහි කිරීමට අදාළ බයිබල් කියවීමේ වැඩසටහන
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • 2022 සිහි කිරීමට අදාළ බයිබල් කියවීමේ වැඩසටහන
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අප්‍රියෙල් 4-5 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

මේ අවුරුද්දේ ඉඳන් යේසුස්ගේ මරණය සිහි කිරීමට සූදානම් වෙන්න වැඩි කාලයක් තියෙනවා. සිහි කිරීම සතියේ දවසක වැටුණොත් ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම ඒ සතියේදී පවත්වන්නේ නැහැ. ඒක සති අන්තයේ දවසක වැටුණොත් බයිබල් දේශනය සහ ‘මුරටැඹ’ පාඩම පවත්වන්නේ නැහැ. ඒ නිසා අපිට කාලය ඉතිරි වෙනවා. ඒ කාලයෙන් ඔයාට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? මුල් සියවසේදී කළා වගේ අපිත් මේ විශේෂ සැමරීමට අවශ්‍ය දේවල් හොඳින් සැලසුම් කරන්න ඕනේ. (ලූක් 22:7-13; km 3/15 1) ඒත් ඒ සැමරීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් කරන්න ඕන තවත් දේවල් තියෙනවා.

  • සිහි කිරීමට සහභාගි වෙන එක කොයි තරම් වැදගත්ද කියලා හිතලා බලන්න.—1කොරි 11:23-26

  • යෙහෝවා දෙවියන් එක්ක ඔයාට තියෙන බැඳීම ශක්තිමත්ද කියලා හොඳට හිතලා බලන්න. ඒ ගැන යාච්ඤා කරන්න.—1කොරි 11:27-29; 2කොරි 13:5

  • යෙහෝවා දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් කරපු දේ ගැන බයිබලයෙන් සහ අපේ ප්‍රකාශනවලින් කියවලා ඒ ගැන හොඳින් හිතන්න.—යොහ 3:16; 15:13

සමහර ප්‍රචාරකයන් ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ පොතේ තියෙන සිහි කිරීමට අදාළ බයිබල් කොටස කියවලා ඒ ගැන කල්පනා කරනවා. සමහර අය පහත වගුවේ තියෙන බයිබල් පද කියවනවා. තවත් අය යෙහෝවා දෙවියන් සහ යේසුස් අපි වෙනුවෙන් පෙන්වපු ආදරය ගැනත් සිහි කිරීම ගැනත් සඳහන් ‘මුරටැඹ’ ලිපි කියවනවා. ඒ මොන විදිහකින් හරි යෙහෝවා දෙවියන් සහ යේසුස් ගැන ඔයාට තියෙන ආදරයත් අගයත් වැඩි කරගන්න උපරිමයෙන් වෑයම් කරන්න.

යේසුස් මේ පොළොවේ ගත කළ අන්තිම සතිය (1වෙනි සහ 2වෙනි කොටස්)
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න