දේවවචනය නිධානයක් | 2 කොරින්ති 7-10
අපේ සහන සේවා කටයුතු
අපේ සේවයට දේවල් දෙකක් අයිතියි. එකක් තමයි “සමාදාන වීමට ප්‍රස්තාව උදා කර දෙන සේවය.” (2කොරි 5:18-20) ඒකට දේශනා කිරීම සහ ඉගැන්වීම ඇතුළත්. අනිත් එක තමයි සහෝදරයන්ට “උපකාර කිරීමේ සැලැස්ම.” (2කොරි 8:4) ඒ සැලැස්මට සහන සේවා කටයුතුත් ඇතුළත්. එහෙම බලද්දී සහන සේවා කටයුතු අපේ නමස්කාරයේ කොටසක්. ඒ කටයුතුවලට සහයෝගය දෙද්දී
සහෝදරයන්ගේ අවශ්‍යතා ඉටු කරලා දෙන්න පුළුවන් වෙනවා.—2කොරි 9:12අ
දෙවියන් ලබා දෙන උපකාරය ගැන ස්තුතිවන්ත හැඟීමකින් දේශනා කරන්නත් අනෙකුත් නමස්කාර කටයුතුවල ආයෙත් හවුල් වෙන්නත් එයාලට උදව් කරන්න පුළුවන් වෙනවා.—2කොරි 9:12ආ
දෙවියන්ව ගෞරවයට පත් කරන්න පුළුවන් වෙනවා. (2කොරි 9:13) මොකද අපි ගැන වැරදි අදහස් තියෙන අය ඇතුළු හැමෝටම හොඳ සාක්ෂියක් දරන්න සහන සේවා කටයුතු උදව් වෙනවා