දේවවචනය නිධානයක් | කොලොස්සි 1-4
පරණ පෞද්ගලිකත්වය ඉවත් කර අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න
සත්‍යය දැනගත්තාට පස්සේ ඔයා ජීවිතයේ කරගත්තු ලොකු වෙනස්කම් ගැන යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම සතුටු වෙන්න ඇති. (එස 33:11) ඒත් පරණ පෞද්ගලිකත්වයේ නරක ගති ආයේ මතු වෙන එක වළක්වගන්නත් අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන ඉන්නත් දිගටම ලොකු වෑයමක් දරන්න වෙනවා. ඔයා දියුණු වෙන්න ඕන පැති තේරුම්ගන්න මේ ප්‍රශ්න ගැන හිතන්න.
- මාව රිද්දපු කෙනෙක් ගැන තාමත් මගේ හිතේ ලොකු කේන්තියක් තියෙනවාද? 
- වැඩ වැඩි නැත්නම් මහන්සි වෙලාවලදී වුණත් මං ඉවසීමෙන් වැඩ කරනවාද? 
- අනාචාර සිතුවිල්ලක් මනසට ආපු ගමන්ම මං ඒක අයින් කරලා දානවාද? 
- වෙන ජාතියක, රටක අය ගැන මට එච්චර හොඳ හැඟීමක් නැද්ද? 
- මෑතකදී මං කාට හරි අකාරුණික විදිහට කතා කළාද? නැත්නම් කේන්තියෙන් වැඩ කළාද?