දේවවචනය නිධානයක් | 1 තෙසලෝනික 1-5
“දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න”
අනිත් අයව දිරිගන්වන්න අපි හැමෝටම පුළුවන්. උදාහරණෙකට අපි අසනීපයක් එක්ක හරි වෙන ප්රශ්නයක් එක්ක හරි පොරබදිමින් ඉද්දී වුණත් “ඉමහත් වෙහෙසක් දරමින්” රැස්වීම්වලට යනවා නම්, සේවේ හවුල් වෙනවා නම් ඒකෙන් අපේ සහෝදරයන් දිරිගැන්වෙනවා. (1තෙස 2:2) ඒ වගේම කෙනෙක්ව සනසවන්න කියන්න පුළුවන් දේවල් ගැන කල්තියාම හිතන එකත් ඒ ගැන තොරතුරු හොයලා බලන එකත් දුකින් ඉන්න කෙනෙක්ව සනසවන්න අපිට උදව් වෙනවා.
ප්රශ්නයක් එක්ක පොරබදිමින් ඉන්න කෙනෙක්ව සනසවන්න උදව් වෙන තොරතුරු හොයාගන්න පුළුවන් කොහෙන්ද?
සභාවේ ඉන්න කාවද ඔයා දිරිගන්වන්න කැමති?