දේවවචනය නිධානයක් | තීතස් 1–ෆිලෙමොන්
වැඩිමහල්ලන්ව පත් කරන්න
පාවුල් තීතස්ට කිව්වා ‘සෑම නුවරක් නුවරක් පාසාම වැඩිමහල්ලන්ව පත් කරන්න’ කියලා. බයිබලයේ සඳහන් ඒ මඟ පෙන්වීමට අනුව අදත් චාරිකා සේවකයන් වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව පත් කරනවා.
පාලක මණ්ඩලය
පාලක මණ්ඩලය සභාවල සහායක සේවකයන්ව සහ වැඩිමහල්ලන්ව පත් කිරීමේ භාරදූර කාර්යය චාරිකා සේවකයන්ට පවරලා තියෙන්නේ පළමු සියවසේදී අනුගමනය කරපු ක්‍රමයට එකඟවයි.
චාරිකා සේවකයන්
වැඩිමහල්ලන් විසින් නිර්දේශ කරලා තියෙන සහෝදරයන් ගැන හොඳින් හොයලා බලලා ඒ වගේම යාච්ඤා කරලා තමයි චාරිකා සේවකයන් සහෝදරයන්ව පත් කරන්න ඕනේ.
පත් කළ වැඩිමහල්ලන්
වැඩිමහල්ලන් විදිහට පත් වෙන සහෝදරයන් දිගටම දෙවියන් එයාලගෙන් බලාපොරොත්තු වෙන සුදුසුකම්වලට එකඟව ජීවත් වෙන්න ඕනේ.