ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ඔක්තෝබර් 8 පි.
  • යෙහෝවා දෙවියන් ආදරේ පිරිසිදුව ඉන්න අයටයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන් ආදරේ පිරිසිදුව ඉන්න අයටයි
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පිරිසිදුකම එහි නියම අරුත කුමක්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පිරිසිදුකම කොතරම් වැදගත්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි ප්‍රේම කරන්නේ පවිත්‍ර අයටයි
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • පිරිසිදුකම කොතරම් වැදගත්ද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ඔක්තෝබර් 8 පි.
සහෝදරයෙක් නමස්කාර මධ්‍යස්ථානයේ වැසිකිළිය පිරිසිදු කරමින්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවියන් ආදරේ පිරිසිදුව ඉන්න අයටයි

“අත් සෝදන්න. කාමරේ සුද්ද කරන්න. අතුගාන්න. කුණු විසි කරන්න.” දරුවන් පොඩි කාලේදීම දෙමාපියන් ඒ දේවල් උගන්වනවා. හැබැයි පවිත්‍රව ඉන්න ඕනෙ කියලා මුලින්ම උගන්වලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. (නික් 30:18-20; ද්වි 23:14; 2කොරි 7:1) අපේ ශරීරයත් අපිට අයිති දේවලුත් පිරිසිදුව තියාගද්දී යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් වෙනවා. (1පේතෘ 1:14-16) අපේ ගෙදර, වටපිටාව කොයි වගේද? පාරවල, උද්‍යානවල කුණු දදා යන මිනිසුන්ට වඩා අපි වෙනස් වෙන්න ඕනේ. පොළොව පවිත්‍රව තියාගන්න අපි උපරිමයෙන් වෑයම් කරන්න ඕනේ. (ගීතා 115:16; එළි 11:18) ටොපි කොළ, බීම බෝතල්, ටින්, චුවිංගම් වගේ දේවල් ඉවත් කරන විදිහෙන් වුණත් අපි පෙන්වනවා පවිත්‍රකම ගැන අපි කොච්චර සැලකිලිමත්ද කියලා. අපිට ඕනෙ අපේ ජීවිතේ හැම කාරණයකදීම අපි කටයුතු කරන විදිහෙන් ‘දෙවිගේ සේවකයන් වෙන්න අපිට සුදුසුකම්’ තියෙනවා කියලා ‘ඔප්පු කරන්නයි.’—2කොරි 6:3, 4.

‘දෙවියන් ආදරේ පිරිසිදුව ඉන්න අයටයි’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • තමන්ගේ දේවල් පිරිසිදුව තියාගන්නේ නැති එක ගැන සමහරු නිදහසට කරුණු විදිහට කියන්නේ මොනවාද?

  • යෙහෝවා දෙවියන් පිරිසිදුකම ගැන හිතන විදිහ මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

  • කිසිම දෙයක් නොකියා වුණත් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න අපිට පුළුවන් කොහොමද?

පුතාගේ අපිරිසිදු වාහනයට තාත්තා කෙනෙක් නඟිමින්; පිරිසිදුකම ගැන යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්ති ගැන තාත්තායි, පුතායි කතා කරමින්; අතීතයේ ඊශ්‍රායෙලයේ පවිත්‍ර වීම සඳහා තිබුණු තඹ භාජනය අසල ඉන්න පූජකයන් දෙන්නෙක්; සේවේ යන්න ආපු කට්ටියක් පුතා පිරිසිදු කළ වාහනයෙන් බැහැලා යමින්

පවිත්‍රකම ගැන යෙහෝවා දෙවියන් හිතන විදිහට මං හිතනවා කියලා මගේ පෞද්ගලික ජීවිතේදී පෙන්වන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න