යහපත් ක්‍රිස්තියානීන් වෙමු
දෙවියන්ගේ වචනය ඔයා ඇත්තටම අගය කරනවාද?
බයිබලයේ සඳහන් වෙන්නේ ඒකේ කර්තෘ වන යෙහෝවා දෙවියන්ගේ අදහස්. (2පේතෘ 1:20, 21) දේවරාජ්‍යය මාර්ගයෙන්, පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය තහවුරු වෙනවා කියලත් සියලුම ජනයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් ළඟදීම උදා වෙනවා කියලත් බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. අපේ ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවියන්ගේ පෞද්ගලිකත්වය ගැනත් බයිබලයේ සඳහන් වෙනවා.—ගීතා 86:15.
යෙහෝවා දෙවියන්ගේ වචනය අගය කරන්න අපි එක් එක් කෙනාට විවිධ හේතු තියෙනවා. ඒත් අපි ඒක හැමදාම කියවලා ඒ තොරතුරු අදාළ කරගන්නවාද? අපි එහෙම කරනවා නම් ඇත්තටම ඒක අගය කරනවා කියලා පෙන්වන්න පුළුවන්. ගීතිකාකරු වගේ අපිත් දෙවියන්ගේ “නීතියට බොහෝ සෙයින් ඇලුම්” කරනවා කියලා අපේ ක්‍රියාවෙන් පෙන්වමු.—ගීතා 119:97.
‘ඔවුන් බයිබලය අගය කළා - තෝරාගත් කොටස් (විලියම් ටින්ඩේල්)’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
විලියම් ටින්ඩේල් බයිබලය පරිවර්තනය කළේ ඇයි?
බයිබලය පරිවර්තනය කරන්න එයා දරපු වෑයම අගය කරන්න ඕනෙ ඇයි?
ටින්ඩේල්ගේ බයිබල් පරිවර්තනයේ පිටපත් එංගලන්තයට යැව්වේ කොහොමද?
දෙවියන්ගේ වචනය අගය කරනවා කියලා අපි එක් එක් කෙනාට පෙන්වන්න පුළුවන් කොහොමද?