යහපත් ක්‍රිස්තියානීන් වෙමු
වාර්තාවක් කියවද්දී සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න උත්සාහ කරන්න
බයිබල් වාර්තාවක් කියවද්දී ඒක සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න වෑයම් කරන්න. අවට පද සම්බන්ධය, සිද්ධියට අදාළ පුද්ගලයන්, එයාලා යම් දේවල් කරන්න ඇත්තේ ඇයි වගේ දේවල් ගැන හොයලා බලන්න. ඔයාත් එතන ඉන්නවා කියලා හිතන්න. වාර්තාවේ සඳහන් වෙන අය දකින දේවල්, එයාලට ඇහෙන දේවල්, දැනෙන සුවඳ වගේම හැඟෙන විදිහ හිතින් මවාගන්න.
‘බයිබල් කියවීම අර්ථවත්ව කරන්න - කෙටි වීඩියෝව’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
යෝසෙප් සහ එයාගේ සහෝදරයන් අතරේ මතගැටුම් ඇති වෙන්න හේතු වෙන්න ඇත්තේ මොනවාද?
යෝසෙප්ගේ සහෝදරයන් හැඟීම්වලට වහල් වෙලා හිතලා බලන්නේ නැතුව වැඩ කරන්න පෙලඹෙන්න ඇත්තේ ඇයි?
යෝසෙප්ගේ පියා වුණු යාකොබ් ගැන බයිබල් වාර්තාවෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
මතභේද විසඳන විදිහ ගැන යාකොබ් එයාගේ පුතාලට උගන්වපු ලස්සන පාඩම මොකක්ද?
මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?