ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 සැප්තැම්බර් 3 පි.
  • බොරු තොරතුරු පතුරුවන එකෙන් පරෙස්සම් වෙන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බොරු තොරතුරු පතුරුවන එකෙන් පරෙස්සම් වෙන්න!
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ ඉගෙනගෙන තිබෙන දේවල් දිගටම පිළිපදින්න
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • තීරණයකට එන්න කලින් නිවැරදි තොරතුරු ලබාගන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ඕපාදූප කීම එතරම්ම හානිදායක වන්නේ ඇයි?
    1999 පිබිදෙව්!
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 සැප්තැම්බර් 3 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

බොරු තොරතුරු පතුරුවන එකෙන් පරෙස්සම් වෙන්න!

වෙළඳ සැලක බඩු ගනිමින් ඉන්න කාන්තාවක් එයාගේ ෆෝන් එකෙන් දැක්ක දෙයක් නිසා පුදුම වෙනවා.

පොත් පත්, රේඩියෝ, ටීවී සහ ඉන්ටර්නෙට් වගේ ක්‍රම හරහා මිලියන ගාණක් අතර ඉක්මනින්ම තොරතුරක් බෙදාහරින්න අද පුළුවන්. “සත්‍යතාවේ දෙවිට” නමස්කාර කරන අය හැටියට කිසිම විදිහකින් බොරු තොරතුරු පතුරුවන්න අපි කැමති නැහැ. (ගීතා 31:5; නික් 23:1) බොරු තොරතුරු පතුරුවන එකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඔයාට දැනගන්න ලැබුණු තොරතුරක් ඇත්තද කියලා තේරුම්ගන්න මේ ප්‍රශ්න ගැන හොඳට හිතලා බලන්න.

  • ‘තොරතුර ලැබුණේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ගෙන්ද?’ සමහරවිට කෙනෙක් ඔයාට යම් සිද්ධියක් ගැන කියන්නේ සම්පූර්ණ විස්තරයම හරියට දන්නේ නැතුව වෙන්න පුළුවන්. ඒ වගේම යම් සිද්ධියක් ගැන තොරතුරු කටින් කට යද්දී ඒකේ යම් වෙනස්කම් වෙන්නත් පුළුවන්. ඒ නිසා වුණු සිද්ධිය ගැන මුලින්ම කිව්වේ කවුද කියලා හරියටම දන්නේ නැත්නම් පරෙස්සම් වෙන්න. හුඟක් අය සභාවේ වගකීම් දරන, විශේෂ පැවරුම් කරන අයව විශ්වාස කරන නිසා විශේෂයෙන්ම ඒ වගේ අය නිවැරදියි කියලා තහවුරු නොවුණු තොරතුරු අනිත් අයට දෙද්දී පරෙස්සම් වෙන්න ඕනේ

  • ‘කෙනෙක්ගේ නම කැත වෙන විදිහේ බොරු තොරතුරක්ද?’ ඒ තොරතුර නිසා කෙනෙක්ගේ එහෙමත් නැත්නම් යම් පිරිසකගේ හොඳ නමට හානියක් වෙනවා නම් හොඳම දේ තමයි ඒක තවත් කෙනෙක්ට නොකියා ඉන්න එක.—හිතෝ 18:8; ෆිලි 4:8

  • ‘ඒ කතාව ඇත්තටම වෙන්න පුළුවන් විදිහේ දෙයක්ද?’ පුදුම හිතෙන විදිහේ කතාවක් එහෙමත් නැත්නම් අද්දැකීමක් ඇහෙද්දී විශේෂයෙන්ම පරෙස්සම් වෙන්න

‘කියන්නත් හොඳ නැති අහන්නත් හොඳ නැති ඕපදූප’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඉලක්කයට විදින බෝඩ් එකක ගැට ගහලා ඉන්න පිරිමි ළමයාගේ වටේ තියෙන බෝඩ් එකේ පිහි ඇනිලා තියෙනවා.

    හිතෝපදේශ 12:18ට අනුව වචනවලින් වෙන්න පුළුවන් මොන වගේ හානියක්ද?

  • මිනිසුන් පිරිසක් එකට එකතු වෙලා ඕපදූපයක් කතා කරනවා.

    අනිත් අය ගැන කතා කරන දේවල් සම්බන්ධයෙන් හරි තීරණ ගන්න ෆිලිප්පි 2:4 අපිට උදව් වෙන්නේ කොහොමද?

  • මිනිසෙක් තවත් මිනිසෙක්ට ඕපදූපයක් කියද්දී ඒ කෙනා ඒක අහන එක ප්‍රතික්ෂේප කරනවා.

    කතාබහකදී තව කෙනෙක්ගේ නම කැත වෙන විදිහේ දෙයක් ගැන, අඩුපාඩුවක් ගැන කෙනෙක් ඔයාට කියන්න පටන්ගත්තොත් කරන්න ඕනෙ මොකක්ද?

  • මිනිසෙක් ඕපදූපයක් කියද්දී වාර්තාකරුවෙක් විදිහට ඇඳ පැළඳගෙන ඉන්න මිනිසෙක් ඒක සටහන් කරගන්නවා.

    අනිත් අය ගැන කතා කරන්න කලින් අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන ප්‍රශ්නද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න