ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 7 පි.
  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න ඔයාත් කැමතිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න ඔයාත් කැමතිද?
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ සේවකයන්ව පුහුණු කරයි
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “පොළොවේ දුර ඈත කෙළවරවලට” ශුභාරංචිය ගෙනියන මිෂනාරිවරු
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • ලොව පුරා ජනයාට විශිෂ්ට සේවයක් සලසන පාසැලක්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 7 පි.
ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙලා ඉන්න ශිෂ්‍යයන් කිහිපදෙනෙක්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න ඔයාත් කැමතිද?

ඔයාත් වයස අවුරුදු 23ත් 65ත් අතර ඉන්න පූර්ණකාලීන සේවයේ හවුල් වෙන කෙනෙක්ද? ඔයා හොඳ සෞඛ්‍යයක් තියෙන, අවශ්‍යතාව තියෙන ඕනම ප්‍රදේශයක සේවය කරන්න කැමති කෙනෙක්ද? ඒ ප්‍රශ්නවලට ඔයාගේ උත්තරය ඔව් නම් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න ඔයාත් කැමති නැද්ද? මුලින්ම පවත්වපු පාසැලේ ඉඳන් විවාහක යුවළයන්, තනිකඩ සහෝදරයන් සහ තනිකඩ සහෝදරියන් දහස් ගාණක් මේ පාසැලට අයදුම් කරලා තියෙනවා. කොහොමවුණත් තනිකඩ සහෝදරයන් තව වැඩියෙන් ඉල්ලුම් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. යෙහෝවා දෙවියන්ව සතුටු කරන්නත් ඔහුගේ පුතාව ආදර්ශයට ගන්නත් ඔයාට තියෙන ආසාව තව වැඩි කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න. (ගීතා 40:8; මතෙ 20:28; හෙබ්‍රෙ 10:7) පවුලේ වගකීම්, ගෙවන්න තියෙන ණය එහෙමත් නැත්නම් රැකියාව වගේ දේවල යම් සකස් කිරීම් කරගෙන අවශ්‍ය සුදුසුකම් ලබාගන්න පුළුවන් විදි ගැන හිතලා බලන්න.

මේ පාසැලෙන් පුහුණුව ලබන අයට සේවය කරන්න ලැබෙන අවස්ථා මොනවාද? සමහර අයට වෙනත් භාෂාවක් කතා කරන ප්‍රදේශයක සේවය කරන්න හරි විශේෂ පොදු සේවයේ හවුල් වෙන්න හරි පැවරුමක් ලැබිලා තියෙනවා. තවත් අයට පස්සේ කාලෙක ආදේශක චාරිකා සේවකයන් විදිහට, චාරිකා සේවකයන් විදිහට නැත්නම් මිෂනාරිවරුන් විදිහට සේවය කරන්න පැවරුම් ලැබිලා තියෙනවා. යෙහෝවා දෙවියන්ට තවත් වැඩියෙන් සේවය කරන එක ගැන හිතද්දී “මම යන්න කැමතියි. මාව යවන්න” කියලා යෙසායාට තිබුණු ආකල්පය ඇති කරගන්න ඔයාත් උත්සාහ කරන්න.—යෙසා 6:8.

‘අස්වැන්න නෙළන අපේ මිෂනාරිවරුන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘අස්වැන්න නෙළන අපේ මිෂනාරිවරුන්’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. මිෂනාරි යුවළක් සේවයේ යනවා.

    මිෂනාරි සේවයට කෙනෙක්ව තෝරගන්නේ කොහොමද?

  • ‘අස්වැන්න නෙළන අපේ මිෂනාරිවරුන්’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. මිෂනාරි සහෝදරියක් සහ තවත් සහෝදරියක් කාන්තාවක් එක්ක බයිබලය පාඩම් කරනවා.

    මිෂනාරිවරුන් කරන්නේ මොන වගේ වටිනා සේවයක්ද?

  • ‘අස්වැන්න නෙළන අපේ මිෂනාරිවරුන්’ කියන වීඩියෝ එකේ එන දර්ශනයක්. සංඥා භාෂා සභාවක ඉන්න මිෂනාරි සහෝදරයෙක් විශේෂ සේවයකට ඉල්ලුම් කරලා තියෙන තවත් සහෝදරයෙක් එක්ක කතාබහ කරනවා.

    මිෂනාරි සේවයේ හවුල් වෙද්දී ලැබෙන ආශීර්වාදවලින් කිහිපයක් මොනවාද?

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල ගැන තවත් විස්තර දැනගන්න ඔයා කැමතිද? jw.org වෙබ් අඩවියේ ලයිබ්‍රරි කියන කොටසේ “වීඩියෝ” අපේ වැඩකටයුතු > පාසැල් සහ පුහුණුව යටතේ බලන්න. ‘අප්‍රිකාවේ අපේ පුහුණු පාසැල්,’ ‘ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල යෙහෝවා දෙවිගෙන් ලැබෙන වටිනා ආශීර්වාදයක්’ සහ ‘ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලේ 1වෙනි පන්තියට පැවරුම් ලබා දීම’ කියන වීඩියෝ බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න