ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මැයි 13 පි.
  • පවුලේ අයට ආදරේ පෙන්වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ අයට ආදරේ පෙන්වන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරමු
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • දෙවිව සතුටු කරන පවුල් ජීවිතය
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • කල්පවතින විවාහයකට යතුරු දෙකක්
    පවුලේ සන්තෝෂයට රහස
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මැයි 13 පි.
පවුලක් රැස්වීමේදී ගීතිකා කියනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

පවුලේ අයට ආදරේ පෙන්වන්න

ආදරය හරියට ගම් එකක් වගේ. පවුලේ අයට එකට බැඳිලා ඉන්න ඒක උදව් වෙනවා. ආදරය නැත්නම් පවුලේ අයට එකමුතුව ඉන්න අමාරුයි. ආදරේ පෙන්වන්න සැමියෙක්ට, බිරිඳකට සහ දෙමාපියන්ට පුළුවන් කොහොමද?

ආදරෙන් වැඩ කරන සැමියෙක් බිරිඳගේ අවශ්‍යතා ගැන, එයාගේ හැඟීම් ගැන සැලකිලිමත් වෙනවා. (එෆී 5:28, 29) පවුලට අවශ්‍ය දේවල් සපයනවා. ඒ වගේම හැම සතියේම පවුලේ නමස්කාරය කරනවා. යෙහෝවා දෙවියන්ට ළං වෙන්න පවුලේ අයට උදව් වෙන තවත් දේවලුත් කරනවා. (1තිමෝ 5:8) ආදරෙන් වැඩ කරන බිරිඳක් මූලිකත්වයට යටත් වෙනවා. සැමියාට “ගැඹුරු ගෞරවයක්” පෙන්වනවා. (එෆී 5:22, 33; 1පේතෘ 3:1-6) දෙන්නාම එකිනෙකාට සමාව දෙන එකත් වැදගත්. (එෆී 4:32) ආදරෙන් වැඩ කරන දෙමාපියන් යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න දරුවන්ට උදව් කරනවා. (ද්වි 6:6, 7; එෆී 6:4) ඒ වගේම එක් එක් දරුවා ගැන එයාලා සැලකිලිමත් වෙනවා. දරුවන් ඉස්කෝලෙදි මුහුණ දෙන අභියෝග මොනවාද? යාළුවන්ගෙන් එන පීඩනයට එයාලා මුහුණ දෙන්නේ කොහොමද? හැමෝම ආදරෙන් එකට බැඳිලා ඉන්නවා නම් පවුලේ හැමෝටම ලොකු ආරක්ෂාවක් දැනෙයි.

‘පවුල තුළ නොසැලෙන ආදරයක් පෙන්වන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ‘පවුල තුළ නොසැලෙන ආදරයක් පෙන්වන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. රැස්වීම් ඉවර වෙලා ගෙදර ආවාට පස්සේ සැමියා සහ බිරිඳ බයිබලේ තියෙන දෙයක් ගැන කතා කරනවා.

    ආදරෙන් වැඩ කරන සැමියෙක් බිරිඳට අවශ්‍ය පෝෂණය සහ සැලකිල්ල දෙන්නේ කොහොමද?

  • ‘පවුල තුළ නොසැලෙන ආදරයක් පෙන්වන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. රැස්වීම් ඉවර වෙලා ගෙදර ආවාට පස්සේ බිරිඳක් එයාගේ සත්‍යයේ නැති සැමියාට ඉවසීමෙන් ඇහුම්කන් දෙනවා.

    ආදරෙන් වැඩ කරන බිරිඳක් සැමියාට ගැඹුරු ගෞරවයක් පෙන්වන්නේ කොහොමද?

  • ‘පවුල තුළ නොසැලෙන ආදරයක් පෙන්වන්න’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. පවුලක් රැස්වීමේ ඉගෙනගත්ත වැදගත් කරුණක් ගැන කෑම කන ගමන් කතා කරනවා.

    ආදරෙන් වැඩ කරන දෙමාපියන් දෙවියන් කියලා තියෙන දේවල් දරුවන්ගේ හිත්වලට කාවද්දන්නේ කොහොමද?

ඉලෙක්ට්‍රෝනික උපකරණ පාවිච්චි කරද්දී පරෙස්සමින්!

ඉලෙක්ට්‍රෝනික උපකරණ නිසා පවුලේ බැඳීම ශක්තිමත් කරගන්න තියෙන කාලය ලේසියෙන්ම නාස්ති වෙලා යන්න පුළුවන්. ඒ නිසා කොච්චර වෙලාවක් ඉලෙක්ට්‍රෝනික උපකරණ පාවිච්චි කරනවාද කියන එක ගැන දෙමාපියන් දරුවන්ට සීමාවක් දාන්න ඕනේ. ඒ වගේම දෙමාපියනුත් ඒකට සීමාවක් තියාගන්න ඕනේ. දරුවන්ට ඉන්ටර්නෙට් එක හරහා අනිත් අයව ආශ්‍රය කරන්න ඉඩ දෙනවාද, ඉඩ දෙනවා නම් ඒ කාත් එක්කද කියලා තීරණය කරන වගකීම තියෙන්නෙත් දෙමාපියන්ටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න